ලංකා ධිවර සංස්ථාවේ දුෂිතම නිළධාරින් නව ආණ්ඩුවේ ධිවර සංස්ථා සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මාර්ක් මහතා ග්රහනයට ගෙන ඇති බව සේවකයින් චෝදනා කරයි.
ඉන් ප්‍රධාන වන්නේ මිගමුව හා බෙිරුවල කාළමණාකරුවන් වන ඩබිලිව් ජී යහන්ත හා චමිර ශානක යන නිළදාරින්ය.
මෙහි වැඩිම චෝදනා එල්ලවී ඇති මිගමුව කළමණාකරු දිගින් දිගටම මාලු මිලදි ගැනිමේ සිදු කර ඇති අක්‍රමිකා නිසා අවස්ථා අගනනකදි චෝදනා එල්වු පුද්ගලයෙකි.පැලියගොඩ මාලු තොග මධ්‍යස්ථානයෙන් හිතිමනාපෙට මාලු මිලදී ගෙන මිගමුව ප්‍රදේශයේ මාලු ව්යපාරිකයින්ගේන් එවා මිලදී ගත් බව පවසමින් හොරට බිල් දමා දිගින් දිගටම අක්රමිකතාවයන්වල යෙදෙන බව සංස්ථාවෙි සියලු තරා තිරම්වල නිළධාරින් දන්නා සිද්ධියකි.මෙයින් ඔහු උපයාගෙන ඇති අයතා වත්කම් සමිබන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂමට සේවකයින් පැමිණිළි කර ඇතත් එවා මුදල් බලයෙන් යටපත් කිරිමට තරම් ඔහු බලවත් වී ඇත.මෙම නිළධාරියා සිමිබන්ධයේන පසුගිය පාර්ලිමෙින්තු සභාවාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කථා කළ අතර එවාද යටපත් කර ගත්තේ සංස්ථාවෙි ඉහළ නිළදාරින්ට ලබා දෙන පදපඩුරු හේතුවෙිණි.
එසේ තිබියදී දෙසැමිබර් මාසයේ සිට ඔහුට සංස්තාවෙි ප්‍රධාන කාර්යාලයෙි ප්‍රධාන මෙහෙයුම් නිළදාරින් තනතු ලබා දිමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.
මිට අමතරව පසුගිය ආණ්ඩුව සමයේදී විශාල චෝදනාවකට ලක්ව සිටි චමිර ශානක හිටපු ධිවර ඇමති බෙිරුවලට මාරු කල අතර ඊට රාජ්‍ය ඇමති පියල් නිෂාන්ත දැඩි විරොධයක් එල්ල කළේය.ඔහුද යහන්තගේ මග යමින් පැලියගොඩ මත්ෂ්‍ය වෙලදසැලෙන් මාලුමිලදී ගෙන වැඩි බිල්දමා අක්රමිතර්ාවයන් සිදු කරන අතර එසේ පසුගිය කාලයේ ණයට මාලු මිලදී ගෙන ව්‍යාපරිකයින් පනහකට පමණ රුපියල් කෝටි 15ක් පමණ එම මුදල් ගෙවා නොමැති බව වාර්ථාවෙි.එසේ තිබියදී යළිත් ඔහුද ප්‍රධාන කාර්යාලට යාම සදහා මෙිදිනවල සභාපතිවරයා වන්දනා කිරිමට පටන් ගෙන ඇත ිබව වාර්ථාවෙි.
මෙහා සමානව කැගල්ල කළමනාකාර ඉනොකා තුෂාරිද ඉහත දෙදෙනා ැනුගමනය කරමින් පැලියගොඩින් මාලු මිලදී ගෙන වැඩි බල් දමා අතමිට සරුකරගන්නා බව වාර්ථාවෙි.
සභාපතිවරයා පියවී සියෙන් කටයුතු නොකිරිම නිසා ඔහුට උදේ කියනදේ සවස් වනවිට අමතක විමෙි රෝගය නිසා එහි වැඩ කටයුතුද අවුල් සහගත තත්වයට පත්ව ඇති බව සදහන්වේ.
මිට අමතරව ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක කළමනාකාර විශ්‍රාමික කපිතාන්වරයා සමග සවසට එළිට ගොස් සප්පායමි වී නැවත කාර්යාලයට පැමිණ නිවස කරා යන නිසා එහි සේවකයින්ගේ අප්‍රසාදයට පත්ව ඇත්තේ නව ආණ්ඩුවේන් පත්විම් ලද අයගෙන් පැරණි සිරිත් සිදුවිමයි
……………………………………………………………………………………………………………………………………………………………………………..
පිළිතුරු ලබාදීමේ ඔබෙි අයිතිය ඉඩ
මෙහි පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි ඔබට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය තිබෙි. voiceofnews.sl@gmail.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වෙබි අඩවියක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරු කරන්නෙමු.ඒ සදහා කරුණාකර අපට දැනුම්දෙන්න.
……………………………………………………………………………………………………………………..
(ඔබ දකින අහන වංචා, දුෂණ ,අක්‍රමිකථා ආදිය සාක්ෂි සහිතව අපගේ voiceofnews.sl@gmail.com විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙසත් එහි රහස්‍යභාවය සුරකින බව සහතික වන්නේමු.)