ඔලිම්පික් සභාපතිට CID පරීක්ෂණ

ජාතික ඔලිම්පික් කමිටුව හැමදාම පුවත් මැව්වේ හොර ගුහාවක් කියල. හැබැයි ක්‍රීඩා මාධ්‍යවේදීන් බහුතරය ඒක වාර්තා නොකළේ විදෙස් සංචාර පෙරේතකම හින්දා වගේම මාසිකව ලැබෙන මූල්‍ය දීමනා නිසයි. ඉතින් ජාතික ඔලිම්පික් කමිටු වත්මන් සභාපති සුරේෂ් සුභ්‍රමනියම් තමන්ට ඕන ඕන දේවල් බොහොම පහසුවෙන් කර ගත්තා.

සුරේෂ් සුභ්‍රමනියම් කියන්නේ කවුද ?

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු එතනින් ඉවත් වෙනකොට සිය අනුප්‍රාප්තිකයා ලෙස සුරේෂ් සුභ්‍රමනියම්ව ගෙනාවා. ඔව් ඔව්. පාස්කු බෝම්බය කාලේ රටේ ආරක්ෂක ලේකම් හිටියේ මේ කියන හේමසිරි ප්‍රනාන්දු තමයි.

එතකොට සුරේෂ්.

ලංකාවේ විදුලිය නිපදවීමේ පෞද්ගලික විදුලි බලාගාර අයිතිකාරයෙක්. ඒ විතරක් නෙවෙයි. කොටින්ට ආයුධ සැපයුවා කියලත් චෝදනා තියෙන පොරක්. මෙහෙම උපයන මුදල් තැන්පත් කරල තියෙන්නේ සුවිට්සර්ලන්තයේ. සුවිස් ගිණුම් පවත්වාගෙන යන්නේ පොරගේ නෝනගේ නමින්. සල්ලි තිබ්බට නම්බුව නෑ. ඒ නම්බුව වෙනුවෙන් තමයි ජාතික ඔලිම්පික් කමිටුවට බහිරවය වගේ රිංගලා ඉන්නේ.

ඉතින් මේ සුරේෂ් සුභ්‍රමනියම්ගේ මුදල් ඉපැයීම් ගැන පරීක්ෂණයක් වත්මන් දූෂණයට තිත තියන ආන්ඩුව ආරම්භ කරනව නම් මුදල් විශුද්ධිකරණය යටතේ බොහෝ කරුණු එලියට එනව ශුවර්. ලංකාවේ විදුලි බලාගාර නිසා උපයන මුදල් වලින් හරියට බදු ගෙවීම් සිදුකරලද කියල විශේෂයෙන් හොයන්න ඕන.

ඉතින් කොනක ඉදල පරීෂණයක් ඕන සුරේෂ් සුභ්‍රමනියම් ගැන. මුදල් විශුද්ධිකරණය වගේම වත්කම් බැරකම් ගැනත් හොයන්න. CID පරීක්ෂණ මේ ගැන ඉදිරියේදී සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ සුරේෂ් සුභ්‍රමනියම්ට විරුද්ධව පිරිසක් CID යන්න සූදානම් වෙන නිසයි. එම පරීක්ෂණවලින් ඔහු නිදොස් කොට නිදහස් වුනොත් රටේ බොහෝ දෙනෙක්ගේ සැක සංකා විසඳෙයි. නැත්නම් බොහෝ දේවල් වල මහ මොලකරුවන් එලියට එයි. රටේ සල්ලි පිල්ලි ගිය විදිහ වගේම තවත් බොහෝ දේ එලියට එන එක අන්න එතනදී නවත්තන්න බැරිවේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *