කුරූණෑගල මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සිය අභිමතය පරිදි වාහන හිමියන්ගෙන් දිනපතා මුදල් එකතු කර එම අංශයට යාබදව කාර්යාලයක් ඉදිකරන බව එහි රථවාහන අංශයේ සෙසු නිලධාරින් පවසයි.
වැරදි කරන හා නොකරන බස්, ත්‍රිරොද රථ, යතුරුපැදි ආදි සියලුම වාහනවලින් දඩ වෙනුවට මුදල් එකතු කිරිමට එම අංශයේ නිළදාරින්ට එහි ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර නියෝග කර ඇති අතර එසේ නොකරන නිළදාරින් එම අංශයේන් ස්ථාන මාරු කර යවන බව සදහන්වේ.ඒ අනුව දිනකට රුපියල් විසිදහසක් එකතු කරන අතර එම මුදලින් කොටසක් එහි ඉදිකිරිම් කරන කම්කරුවන්ට ගෙවන අතර ඉතිරි මුදල සිය සාක්කුවට දමාගන්නා බව ගන්නා බව වාර්ථාවෙි.
මිට යාබදව ඇති රථවාහන අංශය ඉතා පැරණි නිසා එය කඩා ඉවත් කරන්න නිර්දේශ කර තිබියදි මෙම නව ගොඩනැගිල්ලද ඊට සමිබන්ද කරමින් ඉදි කරන අතර මේ සදහා පොලිසියේ ඇති ඉදිකිරිම් කොඨිඨාශයෙන් ද අවසර ගෙන නොමැත.එසේ තිබියදි අලුතින් ඉදිකරන එම කාමරය වායුමිකරණය කර ඇත්තේද දෙපාර්තමේන්තුවෙන් අවසර ගැනිමෙන් තොරවය.
මෙම නිළදාරියා ඇවරිවත්ත පොලිසියේ සේවය කරන කාලයේ කාන්තාවකගෙන් ලබා ගත් මුදල් වංචා කිරිම සම්බන්දයේ මානව හිමිකම් කොමිෂමට හා පොලිස් කොමිෂමට කළ පැමිණිළිවලින් පසුව ඔහුට එරෙහිව වහාම පරික්ෂණයක් පවත්වන ලෙසට පොලිස් කොමිසම අවස්ථා දෙකකදී වයඹ පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට නියෝග කර ඇත්ත එම නිළධාරියා ඔහුගේ බිරිදගේ ඥතියෙකු නිසා එම නියෝගයද ක්‍රියාත්මක නොකරන බව වාර්තාවෙි.