ජාතික ජන බලවෙිග ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරුන් හෙට දිනයේ පත් කිරිමට නියමිත අතර ඊට විසි අටදෙනෙකු ඇතුලත් විය හැකි බව වාර්ථාවෙි.
කැබිනට් අමාතයංශ තුනකට නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු බැගින් බොහෝ දුරට පත් කිරිමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංච් මාර්ග සදහන් කරයි.
කෘෂිකර්ම, වෙළද හා වරාය යන අමාතයංශවලට එම පත් කිරිමට බොහෝධුරට ඉඩ ඇති බව සදහන්වෙි.
ඒ අනුව කෘෂිකර්ම වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුර සදහා නාමල් කරුණාරත්න හා ටී බී සරත් යන මන්ත්‍රිවරුන් පත් කිරිමට ඉඩ ඇති බවත් වරාය හා නාවික, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාතයංශයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස නලින් හේවගේ පත් කිරිමට බොහෝ දුරට ඉඩ ඇති බව සදහන්වේ.
ඊට අමතරව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ලෙස වෛද්‍ය රිස්වි සාලි , ඩිජිටල් තාක්ෂණ නියෝජ්‍ය ඇමති ලෙස චතුරංග අබේසිංහ, ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, තරුණ කටයතු හා ක්‍රිඩා සදහා එරංග ගුනසේකර, ධිවර සදහා රත්න ගමගේ, කම්කරු සදහා ගාමිනි රත්නායක යන මන්ත්‍රිවරුන් පත් කිරිමේ වැඩි ඉඩකඩක් ඇති බවට තොරතුරු වාර්තාවෙි.
ඊට අමතරව වතු යටිතල පහසුකම් අමාතයංශයේ නියෝජ්‍ය ඇමතිධුරය නුවරඑළිය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකුට හා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිධුරය යාපනය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකුට ලබා දිමටද බොහෝධුරට ඉඩ ඇති බව දේශපාලන ආරංච් මාර්ග සදහන් කරයි.