කිරිකෝඩු දියවන්නාව තරණයට කිරිඇල්ල මුස්ලිම් ජන්දවලට ගැසු ගේම

තම දියණිය වූ චන්ද්‍රානි කිරිඇල්ල මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප ලබාදී මොන ක්‍රමයකින් හෝ පාර්ලිමේන්තුවට යවන්නට හිටපු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ගැසූ කුප්‍රකට ගේම හේතුවෙන් වසර ගනනාවක් පාර්ලිමේන්තු නියෝජනය කළ අකුරණ හලීම් නැමති දේශපාලනඥයා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් කුජීත වී ගෙදර යන තත්ත්වයට පත් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල හලීම් ගෙදර යවා ගන්න පාවිච්චි කලේ ඔහුගේ සාක්කුවේ සිටි හිටපු මධ්‍යම පලාත් සභා මන්ත්‍රී එම් හිදායත් සත්තාර් යන දේශපානඥයාය.ඔහු අකුරණ හාරිස්පත්තුව මුස්ලිම් ජන්ද සියල්ල කැඩුවේය.හලීම්ට ලැබෙන්න තිබුණු හාරිස්පත්තුව ආසනයේ මුස්ලිම් ජාතිකයන් බහුතරයකගේ ජන්ද සූක්ෂම ලෙස බෝලය ලකුණින් ස්වාධීන කණ්ඩායමෙන් තරඟ කල ඉෆ්තිකාර් නැමති තම සගයා පැත්තටත් හරවා ගත්තේ තමන් ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන බව පවසමිනි.
ලක්ෂ්මන් කාරිඇල්ල සූක්ෂමව දුන් ගේමෙන් කිරිඇල්ලගේ දුවට මනාප ගලා ආවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන්මවිත කරවමිනි
හලීම්ට වැටෙන්නට තිබූ අකරණ,මහනුවර ගලගෙදර , ජන්ද ඔහුට අහිමි විය.කිරිඇල්ලගේ ගෝලයා වු මොහොමඩ් හිදායත් සත්තාර් මුස්ලිම් ජනතාවගේ මනාප ජන්ද අඩක්ම ඔහු නියෝජනය කල බෝලය ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමට හිමි කරගත්හ.
හිදායත් සත්තාර් ලක්ෂ්මන් කිරිඇල්ලගේ හොඳම ගෝලයා .ය. ඔහු ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වී කිරිකෝඩු දියණියට මනාප ජන්ද 30700 ක් ලබා ගන්නට උදව් කළේය
අවසානයේ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට ඒමට සිටි මුස්ලිම් දේශපාලනඥයන් දෙදෙනාගෙන් එක් අයෙක් හැලුණේ සජබේ කිරිඇල්ලගේ මෙම ගේම නිසා බව සජබේ බොහෝ දෙනා පවසති..
ඒ අනුව සජබෙන් පාර්ලිමේන්තුවට ගියේ රවුෆ් හකීම් සමග චමින්ද්‍රානි කිරිඇල්ල යන දෙදෙනාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *