අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතාට සහ එස් එම් චන්දුසේන යන පොහොට්ටු දේශපාළන හයියෙන් කටයුතු කල ජනක ජයසුන්දර මහතා මධ්‍යම පළාත් ලේකම්ධුරයට ඉව අල්ලමින් සිටින බව වාර්තාවෙි.
ඔහු අනුරාධපුර දිත්‍රික්ලේකම් ධූරය දරද්දී තම හිතවතියන්ට සහ හිතවතුන්ට අනුරාධපුරේ ඉතා වටිනා රජයේ ඉඩම් තුට්ටු දෙකට ලබාදුන් බව සදහන්වේ.
මොහු සංජීව මහානාම නැමති දුෂිත සහකාර පොලිස් අධිකාරී වරයාට රජයේ ඉඩම් අක්කර දහයකට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති ඇති අතර ඉඩම් අක්‍රමිකතා හේතුවෙන් දිස්ත්‍රික් ලේක්ම් ධූරයෙන් ඉවත් කර කොළඹ නිලධාරි සංචිතයට මාරු කිරීමෙන් පසු යලිත් මධ්‍යමම පලාත් ප්‍රධාන ලේකම් ධූරයට ඉව අල්ලන බව රාජ්‍ය නිලධාරි ආරංච් මාර්ග සදහන් කරයි.
මෙම නිලධාරියා රජයේ ඉඩම් අයථා ලෙස තම හිතවතුන්ට ලබාදීම සම්බන්ධයෙන් විගණන පරීක්ෂණ වලටද ලක්වූ අයෙක් බව රාජ්‍ය නිලධාරින් පැවසූහ.
අනුරාධපුරේ දිස්ත්‍රික් ලේකම්ධරයට සුදුසු බවට නිර්දේශ කර ඇත්තේ අනුරාධපුර හිටපු දේශපාලනඥයෙකු වූ එස් එම් චන්ද්‍රසේන වන අතර පසුව ඔහුගේ නිර්ද්ශය මත චමල් රාජපක්ෂ මහතා විසින් එම තනතුරට පත්කර ඇත.දැනට නිලධාරි සංචිතයේ රඳවා සිටින ජනක ජයසුන්දර නැමැත්තා මධ්‍යම පලාතේ ප්‍රධාන ලේකම් ධූරයට ඉව අල්ලන්නේ මාලිමාවේ ප්‍රබලයන් තමන් සමග කැළණිය විශ්ව විද්‍යාලයේ එකට අධ්‍යාපනය ලැබු බව පවසමිනි.මොහුට එරෙහිව විෂමාචාර චෝදනා රැසක් ඇති බව රාජ්‍ය නිලධාරිහු වැඩි දුරටත් පැවසුහ