නිතිය හා සාහය අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පත් කරන ලද රාජ්‍ය නොවන සංවිධාන පිළිබද මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් සංජිව විමලරත්න ඒතෙක් කර ගෙන ආ සියලු වැඩ නව පාලනය යටතේද සිදු කරමින් සිටින බව වාර්ථාවෙි.
සියලු ආයතනවල දේශපාලන පත්විමිවලින් ඔවුන් ඉවත් වුවද මෙම පුද්ගලයා තව දුරටත් ඇමති ටිරාන් බව සිතාගෙන් ඒ කාලයේ සිදු කළ කාර්යන් සිදුකරන බව සදහන්වේ.
ඔහු සිය මිතුරන්ට පවසා ඇත්තේ තමන්ට නව ඇමතිවරයාගේන් හෝ ලේකම්වරයාගෙන් ගැටලුවක් නොමැති බවත් ඒ දෙනොම පාලනය කරනු ලබන්නේ තමන්ගේ හිතවත් අතිරේඛ ලේකම් මලිකා සුරියප්පෙරුම බවයි.
ඒ අනුව ටිරන් අලස්ගේ උවමනාවට සකස් කළ රාජ්‍ය නොව සංවිධාන පනත අතිරේඛ ලේකම්වරිය මගින් ලේකම්වරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සමිමත කර ගන්න බවට ඔහු මිතුරම් ඉදිරියේ පුරසාරම් දොඩා ඇත.
ටිරාන් අලස් ඇමතිවරයාගේ වුවමනාවට සකස් කර ඇති එම රාජ්‍ය නොවන පනත නිතිපති දෙපාර්තමේන්තුවට පසුගිය රජය සමයේ ඉදිරිපත් කිරිමේන් පසු හිටපු නිතිපති සංජය රාජරත්නම් මහතා ඇතුලු නිතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරින් ඒ සදහා නිරික්ෂණ ලබා දෙමින් පවසා ඇත්තේ එම පනත රටට නොගැලෙපෙන බවටයි.
එවන් තත්වයක් තිබියදි තකහනියේ යළිත් එම පනත කරලියට ගෙන ඇති සංජිව විමලරත්න හිටපු ඇමති ටිරාන්ගේ උවමනාවට නව රජය හරහා එය සමිමත කර ගැනිමට උත්සහ දරන්නේ අමාත්‍යංශයේ නිලදාධාරින් ද නොමග යවමිනි.