නිතිය හා සාමය අමාත්‍ය විජිත හේරත් මහතා පෙරේදා (30)සිය අමාත්‍යංශයේ සේවකයින් මුනගැසි සුහදව කථා කළ ගිය පසු හිටපු ඇමති ටිරාන් අලස්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස කටයුතු කරන පොලිස් අංශය භාර ජේෂ්ඨ සහකාර ලේකම් ගිතානි අතුකෝරළ ආයතන අංශය මැදට කඩාවැදි ඇමතිවරයා සමග කථා කළ සේවකයින්ට දැඩි ලෙස දෝෂාරෝලණය කර ඇති බව වාර්තාවෙි.
” ඔය ආවේ අන්තිම පාරනේ , ආයේ එන්න වෙන්නැනේ 14න් පස්සේ ,මොකද ඔකුන් දිනන්නේ නෑනේ, මං මේ බලාගෙන හිටිය මාලිමාවට ගොට්ට අල්ලන එවුන් කවුද කියලා, මොකද 14න් පස්සේ අපේ ටිරාන් ඇමතිතුමා අයෙත් එන්නේ” යනුවෙන් එහි සිටි පහළ නිලදාරින් බිය ගන්වමින් දැඩි ලෙස දෝෂාරෝපනය කර ඇත.
කලුතර දිස්ත්‍රික්කයේ ප්රාදේශය ලෙකම් කාර්යාලවල ලිපිකරුවෙකු ලෙස සේවය කරන කාලයේ සිට රෝහිත අබේගුනවර්ධන මහතාගේ කිකරු ගෝලයෙකු ලෙස කටයුතු කර ඇති ගිතානි බැංකුවක සේවය කරන නිළධාරියෙකු සමග විවාහ වී පානදුරට ආසන්න ප්‍රදේශයක පදිංච්වී සිටියි.බෙිරුවල සහකාර ප්‍රදේශය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රදේශය ලේකම් ලෙස කටයුතු කරන සමයේ ආදාළ නිවාස ඉදිකර ගත් ආකාරය එම ප්‍රදේශයේ නොදන්නේ මෑතක පදිංචියට පැමිනි අය පමණි.
කෙසේ වෙතත් පසු කාලිනව දේශපාලන බලයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැණගත් ඇය සිය සුපුරුදු රක්ෂාව හොදින් කර ගැනිමේ ප්‍රතිපලයක් ලෙස කොට්ටාව ප්‍රදේශයේ නිවසක හිමිකාරිත්වය ලබා ගත්තාය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජක්ෂගේ ද්ත්ව පුරවැසිභාවය ඉවත් කිරිමේ කටයුත්තේ පුරෝගාමි වැඩ කොටසක් කර දිමට ඇය කටයුතු කළ අතර පසුව ආයතනයේ සිදුකරන දුෂණ අක්‍රමිකතා නිසා වෙනත් ස්ථානයකට මාරුවිමක් ලැබි යාමට සිදුවුවාය.
අවසානයේ ටිරාන් අලස් ඇමතිවරයා ලෙස නීතිය හා සාමය අමාත්‍යංශයට පැමිනිමත් සමග එතෙක් පොලිස් අංශයේ ජේෂඨ සහකාර ලේකම් ලෙස සේවය කළ නිලදාරිනිය ජනාධිපති ලේකම් කාර්යාලයට මාරුවිමි ලබා ගිය පසු ඒවෙනුවට රාජ්‍ය පරිපාලන අමාතයංශයෙන් එවන ලද නිළදාරිනියගේ පත්විම අවලංගු කර ඒ වෙනුවට ගිතානිව රැගෙන ඒමට ඇමතිවරයා කටයතු කළේය.
මෙි අතර පසුගියදා හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රි උදයගම්මන්පිළ මහතා පාස්කු වාර්ථාව සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු කරවිට මහත්මිය සැකසු වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවෙි ඇය මුලු අමාත්‍යංශයටම ඇසිමට ‘” දැන් හරිනේ ලේකමාට , ආව වේගයෙටත් වැඩිවෙිගයෙන් ගෙදර තමා ” යනුවෙන් ඉතා සතුටින් හඩ නගමින් පවසමින් ඇයගේ හිතවත් නිළදාරින් ළගට ගොස් සතුටුවුයේ අමාත්‍යංශයේ ලොකු කුඩා සියලු තරා තිරම්වලි නිළධාරින් බලා සිටියදි ය