ඛණිජ තෙල් බෙදුම්කරුවන්ට ගෙවන කොමිස් මුදල අසාධාරන ලෙස එළඹෙන මස පලමු වෙනිදා සිට ලිටරයට රුපියල් 6 බැගින් ගෙවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ලංකාව පුරා බෙදුම්කරුවන් 600 පමණ රැස්වී ඊට විරෝධය පළකර තිබෙි.
ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඊයේ විශේෂ රැස්වීමක් කැදවන ලද අතර, ලංකාව පුරා බෙදුම්කරුවන් 600 පමණ සහභාගිත්වයෙන් එය ඉතා සාර්ථකව පැවැත්විනි.
පසුගිය රජය විසින් අත්තනෝමතිකව බලහත්කාරයෙන් සංස්ථාව සතු පිරවුම්හල් විදේශ සමාගම් වලට විකිණීමට එරෙහිව හා අනීතික ලෙස කොමිස් මුදල මත වැට් බද්ද පැනවීමට විරුද්දවත්, එම ආණ්ඩුවේම මග යමින් සංස්ථාවේ ඇතැම් නිළදාරින් විසින් වර්තමාන ආණ්ඩුව සහ පාලන අධිකාරියට අලුතින්ම පත්වු සභාපති ඇතුලු අධ්‍යක්ෂක මංඩලය නොමගයවමින් බෙදුම්කරුවන්ට ගෙවන කොමිස් මුදල අසාධාරන ලෙස එළඹෙන මස පලමු වෙනිදා සිට ලිටරයට රුපියල් 6 බැගින් ගෙවීමට ගෙන ඇති තීරණය සමාලෝචනය කිරීමට මේම විශේශ රැස්වීම සංගමය විසින් කැදවන ඇ්රත.
එහි දී සාකච්ඡාකර හෝ දේශපාලන අධිකාරිය දැනුවත්කර ප්රශ්නය නිරාකරණය නොවු නිසා නීති මාර්ගයෙන් ගැටලුව විසදීමට වාරණ නියෝගයක් ලබාගැනීමට වු යෝජනාව සාක්ශාත් වී ඇති බව සභාව දැනුවත් කරන ලදී.
නව රජය පෙර සිදු වූ පරිදි හිටපු අමාත්‍යවරාගේ පුද්ගලික පළිගැනීම්වලට සිදු කරන ලද ක්‍රියා මාර්ගවලට සහාය නොවී සමාජ සාධාරණත්වයට ඉඩ දී යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනු ඇති බව ඔවුන්ගේ ඒකායන විශ්වාසය බව එහිදී බෙදුම් කරුවන් සදහන් කළේය.
තවද සමස්ත ලංකාවේම එම සංගමයේ සාමාජිකයන් පාර්ලිමේන්තු ජන්දයක් පවතින අවස්තාවක විරෝධතාවයකට එක් නොවී ආණ්ඩුවට මේ අවස්තාවේ සහය දෙමින් තමන් වෙත සාධාරණව ලැබිය යුතු ගිවිසුම්ගත ප්‍රතිශත අහිමි නොකරනු ඇති බවට විශ්වාසයෙන් කටයුතු කිරිමට තීරණය විය
යම්හෙයින් වට්ටම් මුදල සංශෝධනයක් සිදුකර පිරවුම්හල් පවත්වාගෙන යාමට නොහැකිවිම මත සියලුම පිරවුම්හල් විවෘත කර තබන වේලාව සංශෝධනය කර සේවක සංඛ්‍යාව වෙනස් කර වියදම් සිමාකිරිමට එකමතිකව තීරණය විය.