ඇමති විජිතත් ආගමන නිලධාරින් ඇන්දුවාද

ඇනවුම් කරන ලද ගුවන්ගමන් බලපත්‍ර පැමිණි පසු දැනට ඇතිවී තිබෙින ගුවන්ගමන් බලපත්‍ර පොලිම් අවසන් වන බවට පසුගියදා නිතිය හා සාමය අමාත්‍ය විජිති හේරත් මහතා කළ ප්‍රකාශය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිළදාරින් ලබා දී ඇති තොරතුරු මත කළ ප්‍රකාශයක් බව වාර්තාවෙි.

එහිදී එම නිළදාරින් හිටපු ඇමති ටිරාන්ගේ කාලයේ ගුවන්ගමන් බලපත්‍ර හිග කාලයේ විසදුමක් ලෙස ලබා දුන් පොරොත්තු අංක නිකුත් කර තිබිම පිලිබද තොරතුරු සම්බන්ධයෙන් ඇමතිවරයා දැනුවත් නොකිරිම නිසා යලිත් මේවනවිට පාස්පොර්ට් පොලිම දිගුවී ඇත.

නව රජය බලයට පත්වනවිට හැත්තැපන්දහසකට පමණ අධික පිරිසකට ගුවන්ගමන් බලපත්‍ර ලබා ගැනිමේ පොරොත්තු ලේඛණයට අංක නිකුත් කර තිබිණි.

එහෙත් විජිත හේරත් ඇමතිවරයා මාධ්‍ය හමුවේදි පසුගිය සතියේ පැවසුවේ පළමුව ගුවන් ගමන්බලපත්‍ර 7500ක්ද මේ සතියේ ද තවත් පනස්දහසක්ද ලැබෙන බවත් දෙසැමිබර් මාසයේ තවත් ලක්ෂයක්ද ඇනවුමෙන් ලැබෙන බවයි.එහෙත් මිටපෙර ගුවන්ගම්න බලපත්‍ර ලබා ගැනිම සදහා අංක නිකුත් කර ඇති අය සමිබන්ධයෙන් ඇමතිවරයා දැනුවත් නොකිරිම නිසා ඔහු මාධ්‍යහමුවේ කළ ප්‍රකාශයත් සමග ජනතාව යළිත් එක්දින සේවය යටතේ ගුවන්ගමන් බලපත්‍ර ලබා ගැනිමට පැමිණ ඇත.

කෙසේ වෙතත් මේවනවිටත් එක් දින සේවා පහසුකම නවතා දමා ඇති අතර දැනට ඇති පොත් ප්‍රමාණය හෝ සේවා මුර දෙකක් යටතේ හෝ නිකුත් කර දැනට තලිස් සමාගම පොරොන්දුවී ඇති ලක්ෂ හතහමාරේ ඇනවුම හා එපික් සමාගමේ ලක්ෂ පහේ ඇනවුම් කඩිනම් කර ගෙන්වා ගැනිමට කටයුතු කරන්නේ නමි මෙම පොලිම යම්තාක්දුරට හෝ අඩු කර ගතහැකිය.එහෙත් ඇග බෙිරාගන්නා නිළධාරින් කරන්නේ දිනකට නිකුත් කරන පොත් ප්‍රමාණය ගණනය කර ඒ ප්‍රමාණයට ඇනවුම් කිරිමයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව යනු ප්‍රියමනාප ආයතන ගණනයට වැටෙන් අතර එහි සේවය කරන නිළධාරින්ට වෙනම් දිමනවාක්ද ඒ සදහා ගෙවනු ලබයි.දැනට එම දිමනාවත් ලබා ගනිමින් එක්දින සේවයත් අත්හිටුවා ඇත.

එහෙත් මේ කරුණු සමිබන්ධයෙන් ජනතාව දැනුවත් කිරිම සදහා ආගමනවිගමන දෙපාර්තමේන්තුවේ වැඩබලනපාලක නිලුෂා බාලසුරිය සැගවී සිටින අතර ඇය එහිවගකිම නියෝජ්‍ය පාලක ඉමල් ගුනවර්ධනට පවරා ඇතත් ඔහුද එහිවගකිමෙන් බැහැරවී ඇතතේ මෙිහි ඇතිව්‍යාකූල තත්වය නිසාවෙිනි.

අවසානයේ ආගමනවිගමන දෙපාර්තමේන්තුවේ දුසිම්ගණන් පරිපාලන නිලධාරින් සිටියද ජනතාවට කතා කිරිම සදහා යොදවා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ගයාන් මාරපන මහතායි.

හිටපු ඇමති ටිරාන් අලස්ද මෙම නිළධාරින් මෙි ආකාරයවට ඇන්දුවා සේ වත්මන් රජයේ බලධාරින් ඇන්දවනේ ටිරාන් ගෙන ආ නිළදාරින් විමද විශේෂය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *