වෙළදසැල්වලින් ණයට බඩු ගෙන ගෙවිම් පැහැර හැරිය මහනුවර පොලිසියක ස්තානාදිපතිවරයෙකු ගැන පරික්ෂණ

මහනුවර පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථානයක  ස්ථානාධිපති වරයෙකු වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකු  විසින් සිදුකරන ලදැයි කියන බරපතළ විෂමාචාර ක්‍රියාවන් රැසක් සම්බන්ධයෙන් මේ වනවිට සහකාර පොලිස් අධිකාරී වරයෙකු  යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම පොලිස් ස්ථානාධිපති වරයා  සිය ධූරයට හිමි නැති අයථා ලෙස පොලිස් නිල නිවාස දෙකක් පාවිචිචි කරන අතර ,ඔහු ස්ථානාධිපති ධූරය හොබවන පොලිස් ස්ථානයේ  පරිපාලන ගෙඩෙනැගිල්ලෙන් වංචනිකව ඔහුගේ නිල නිවසට විදුලිය ලබා ගැනීම  සහ ඔහු විසින් පේරාදෙණිය ප්‍රදේශයේ  සංචාර ලැගුම් හලට  මහනුවර දිගන  වෙළඳ ආයතන වලින් ඉදිකිරීම් භාණ්ඩ ලබාගෙන ඒ සඳහා මුදල් නොගෙවා පැහැරහැර සිටීම  යන ⁣ විෂමාචාර  ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම විශේෂ පරීක්ෂණ  සිදු කරයි. 

දැනටමත් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාගේ දූෂණ සහ විෂමාචාර ක්‍රියාවන් පිළිබඳව පොලිස් බුද්ධි අංශ නිලධාරින් පවා අදාළ පොලිස් ප්‍රධානීන් වෙත    කරුණු දන්වා යවා තිබේ.

බාල   බෙහෙත් මෙරටට  ගෙන්වීමේ සිද්ධියේ ප්‍රධාන වග උත්තරකරුගේ නිර්දේශ මත  එම දේශපාළනඥයා නියෝජනයකල ආසනයේ පොලිස්ස්ථානයක  ස්ථානාධිපති  වරයා වූ මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා  වංචනිකව විදුලිය ලබා ගැනීමේ  වරදක්ද සිදුකර ඇති බව උසස් පොලිස්  නිලධාරියෙක් පැවසීය.

රුපියල් ලක්ෂ ගනනක   ඉදිකිරීම් භාන්ඩ   ලබාගෙන ඒ සඳහා අදාළ  වෙළඳ  ආයතනවලට මුදල් නොගෙවා කට්ටි පැන ඇති මොහු  නමින් ක්‍රිෂාන්ත  යන අයෙකු බවත් ,මෙවැනි දූෂිත පොලිස් ස්ථානාධිපති වරු සම්බන්ධයෙන් වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාත්  පොලීසිය භාර අමාත්‍ය විජිත හේරත් මහතාත්  කිසියම් ක්‍රියා මාර්ගයක් ගනු ඇතැයි  මහනුවර පොලිස් කොට්ඨාශයේ පොලිස් පොඩ්ඩන්  දැඩි අපේක්ෂාවෙන් යුතුව බලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *