දිඹුලාගල විවිධ සේවා සමුපකාර සමිතියේ නිති විරෝධිව සිටින සමුපාකාර සභාපති උපුල් අලහකොන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි ප්‍රදේශයේ ජනතාව උතුරුමැද ආණ්ඩුකාරවරයාගේන් ප්‍රශ්ණකරයි.
හැරනෙ හැරෙන පැත්තට දේශපාලනයට නැමේමින් කටයුතු කරන මෙම සභාපතිවරයාගේ සේවය වහාම අත්හිටුවන ලෙසට සමුපාකාර කොමසාරිස් දෙපාර්තුමේන්තුව තින්දු කර තිබියදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයට හිටපු උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා එම තිරණය යටපත් කර තිබෙි.
ආයුර්වෙිද දෙපාර්තමේන්තුවේ මනම්පිටිය රෝහලේ මුරකරුවෙකු ලෙස සේවය කරන ඔහු දැනට වසර දහයකට වැඩි කාලයක් සමුපකාර සමිතියේ සභාපති ලෙස ඔහු කටයුතු කරයි.
සමාන්‍යයෙන් ග්‍රාමසේවා වසම් 40කට එක් සමුපකාර සමිතියක පිහිටවිය යුතු වුවත් මෙම සමිතියට වසම් 86ට ප්‍රාදේශික 112ක් ඇති අතර මොහුගේ දේශපාලන බලය මත පැවැති සියලුම ආණ්ඩු උපයෝගිකර ගෙන නව සමිතියක් ගොඩ නැගිමේ අවස්ථාව අහුරා ඇත.පසුගිය අප්‍රේල් 4 දිනෙන් සිය ධුර කාලය අවසන් වී තිබියදි සිය දේශපාලන බලය උපයෝගිකර ගෙන නිතිවිරෝධිව බලයේ රැදි සිටියි.
මොහුගේ පාලන කාලයේ සිදුවී ඇතැයි කියන දුෂණ අක්‍රමිකතා සමිබන්ධයෙන් පසුගිය අප්‍රේල් 01 දින විමර්ශනයක් සිදු කර ඔහුගේ සේවය අතහිටුවිමට තිරණය කර ඇත .
එම සමිතියේ මල්ශාලාවට අනුමැතියකින් තොරව 61-2286 දරණ වැන්රථය ග්‍රාමිය බැංකු අරමුදලින් රුපියල් මිලියන දහයක් යොදවා රුපියල් මිලියන 43ක් වටිනා වැනරථයක් මිලට ගෙන ඇත.එසේ ලබා ගත් වැන් රථය කෙටි කලෙයකින් රුපියල් 480447වැය කර අලුත්වැඩියා කර ඇති අතර එහි සබෑ වියදම රුපියල් 277370ක් බව වාර්ථාවෙි.
ඊට අමතරව අවුරුදු සමයේ ප්‍රදේශයේ ජනතාව ස්ථිර තැන්පතු ලෙස දැමු රුපියල් කොටි 12ක මුදලින් ලක්ෂ 30ක් ලබා ගෙන ඇත්තේ සංග්‍රහ වියදමි ලෙස සදහන් කරමිණි.එහෙත් එසේ ලබා ගතහැක්කේ එම මුදලින් සියයට 0.5% ප්‍රතිශතයක් බව කියැවේ.
ඊට අමතරව නුවරගල ප්‍රදේශයේ අලුතින් විවෘත කළ බැංකුවක් සදහාද රුපියල් කෝටි තුනක මුදලක් වැය කර ඇත්තේ නිතිවිරෝධි ආකාරයටය.
මෙම සභාපති ගෙවුනු වසර ගණනක කාලය තුළදී ඔහුගේ ප්‍රධාන රැකියාව ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුවට නොදන්වා දහඅටවතාවක් විදේශ ගතව ඇත.
මෙවැනි කරුණු ගැන සිදුකල විමර්ශනයෙන් පසු ඔහුට එරෙහිව ඇති චෝදනාවලට පිලිතුරු ලබා දෙන ලෙසට සමුපකාර දෙපාර්තමේන්තුව අවස්තාව ලබාදී ඇතත් ඊට ඔහු පිළිතුරු ලබාදී නොමැති තැන ඔහුගේ සේවය අත්හිටුවිමට තිරණය කර තිබෙි.
ඒ බව දැනගත් සභාපතිවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් සමරවික්‍රම සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිමට ගොස් සේවය අතහිටුවිමට ගෙන ඇති තිරණය නතර කරන ලෙසට උතුරුමැද හිටපු ආණ්ඩුකරවරයාට ජනාධිපිතිවරයා දුරකථනයෙන් දන්වා ඇත.
එහි ප්‍රතිපලයක් ලෙස ඒවනවිට සේවය අත්හිටුවිමේ ලිපිය නිකුත් කිරිමට ගෙන තිබු තිරණය නතර කර ඇති අතර නව ආන්ඩුවේ පාලකයින්ද නොමගයවමින් එය යටපත් කර ගෙන ඇත.මේවනවිට මාලිමාවෙි අපේක්ෂකයින් වටා මැතිවරණයට සහය පළ කරමින් මේතැන් සිට තමන් මාලිමාවට සහය දක්වන බව පවසමින් පුරසාරමි දොඩමින් සිටින අතර ඒ මෙිතෙක් තමන්ට ඇති චෝදනා යටපත් කර ගැනිමෙි අදිටනින් බව කවුරුත් දන්නා කරුණකි.