කුරූණෑගල වැවරවුම ප්රදේශයේ පිහිටි වෙලන්ගොල්ල නැමැති නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකිර්ණයේ පොදු කටයුතු සදහා වෙන් කර තිබු ඉඩමි කැබැල්ල එහි ඉහළ නිළදාරින් එක්ව විකුනා ඇති බව වාර්ථාවෙි.
පර්චස් අට බැගින්වු එම ඉඩම්වල දෙමහල් නිවාස අසුවක් පමණ ඉදිකර එක් නිවාසයක් කොටි දෙකක මිලකට අලෙවි කර ැත.
එම නිවාස සංකිර්ණයේ පොදු කටයතු සදහා වෙන් කර තිබු පර්චස් පහළවකට ආසන්න ඉඩම කොටස නගර සබාව සදහා ලිඛිතව පවරා දෙන ලෙසට කුරූණෑගල මහනගර සභාව අවස්ථා ගණනාවකදි නිවාස සංවර්ධන අධිකාරියට දන්වා තිබෙි.
එවන් තත්වයක් මත ආදාළ ඉඩම මෙිවන විට ඊට යාබද නිවාසය මිලට ගෙන ඇති පුද්ගලයා ඉඩම වටා තාප්පයක් ඉදිකර සිය නිවාසයට අයිති ආකාරයට සමිබන්ධ කර ගෙන ඇත. මෙි සදහා රුපියල් ලක්ෂ දහයක පමණ ගණුදෙනුවක් සිදුව ඇති බවත් මෙිවන විට ආදාළ ප්රදේශයේ පර්චසයක් ලක්ෂ 20කට අධික මුදලකට අලෙවි වන බව වාර්තාවෙි