ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්ගොඩ සුජීගේ ගෝලයකු වන අහුංගල්ලේ රංග නමැත්තාගේ මස්සිනා වන කරවල වාඩියේ රංග ඉදිරිපිට පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල් මදුසංකව දණගස්වා සමාව ගැනීමේ සිදුවීම පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශනය ඒකකයක් විසින් නැවත පරික්ෂණ ආරම්භ කොට තිබේ.
2022 නොවැමිබර් 26 දින අහුන්ගල්ල පොලිසිය විසින් අහුංගල්ල දුම්රිය මාර්ගයක් ආසන්නයේ මාර්ග බාධකයක් යොදවා ඇත.එම මාර්ග බාධකයේ පොලිස් සැරයන් නන්දසිරි (2027) ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාල්වරියක් රාජකාරියෙහි යෙදී සිට තිබේ.ඔවුන්ගේ සහයට පොලිස් විශේෂ කාර්යබළකා බලපිටිය උප කඳවුරේ යතුරුපැදිය ඒකකයේ පොලිස් සැරයන් සංජීව (2022)නන්දසේන(75740)ප්‍රේමරත්න(24772)පොලිස් කොස්තාපල් මධුසංක රාජකාරියට පැමිණ ඇත.
උදෑසන 11ට පමණ ABC-6023 දරන ත්‍රී රෝද රථය එම මාර්ග බාධකය පසුකර යාමට පැමිණි අවස්ථාවේදී නවත්වා පරීක්ෂා කිරීමක් සිදු කර තිබේ.එම ත්‍රී රෝද රථයේ ඒ අවස්ථාවේ සිට ඇත්තේ කරවල වාඩියේ රංග සහ තවත් කාන්තාවක් පමණකි.එම ත්‍රීරෝද රථයේ තිබී කැත්තක් හමුවී ඇති අතර පසුව පොලිස් විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල් මදුසංක විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකර ඇත්තේ සිදුවීමකට සම්බන්ධ රතු පැහැති කාර් රථයක් පිළිබඳවය.
පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයා පස්සේ බලාගමු යනුවෙන් පවසා ඔවුන් මුදාහැර ඇත.ඉන් සුළු වේලාවකට පසු එම ස්ථානයට පැමිණි ජේෂ්ඨ පොලිස් අධිකාරි විදුර දිසානායක,සහකාර පොලිස් අධිකාරි කුමාර,එවකට අහුන්ගල්ල පොලිසිය ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම මදුසංඛ නමැති පොලිස් කොස්තාපල්වරයා රැගෙන අහුංගල්ලේ රංගගේ නිවසට ගොස් තිබේ.
අහුන්ගල්ලේ රංගගේ මස්සිනා වන කරවල වාඩියේ රංග එම ස්ථානයට කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල් මදුසංකට ඔවුන් ඉදිරියේ දණගසා සමාව ගන්නා ලෙස ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නියෝග කර තිබේ. පොලිස් කොස්තාපල්වරයා දන ගැසීමට මැලිකමක් දක්වා ඇති අතර ඔහු දෑත් එකතු කර වැරැද්දක් වුනා නම් සමාවෙන්න යනුවෙන් පවසා තිබේ.
එම අවස්ථාවේදී කොස්ගොඩ සුජී සහ විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර අහුන්ගල්ලේ රංග සමග සමූහ අන්තර්ජාල ඇමතුමකද නිරත වී ඇත.එම සිදුවීම අවසන් වූ පසු එයින් කුපිතයට පත් වූ අහුංගල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා පිරිසට බැණ වැදී ඇත්තේ නිවටයන් සේ පාතාලයන් ඉදිරිපිට කටයුතු කරන බවට දෝෂාරෝපණය කරමිනි.
ස්ථානාධිපතිවරයා මෙම සම්බන්ධව ඕනෑම තැනක ප්‍රකාශයක් කිරීමට සූදානම් බව බවද සෙසු නිළයන් සමඟ පවසා තිබේ.පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී වරුණ ජයසුන්දරගේ උපදෙස් මත සිදුවූ මෙම ක්‍රියාදාමය යටගැසීමට බලපිටිය උප කඳවුරේ පොලිස් පරීක්ෂක ජයසිංහට අණදෙන නිලධාරිවරයා නියෝග කර ඇත. ඒ අනුව පොලිස් පරීක්ෂක ජයසිංහ විසින් කට උත්තර රැගෙන සිදුවීම සමථයකට පත් කර ඇත.
Magnificent website. Plenty of helpful info here. I¦m sending it to some buddies ans additionally sharing in delicious. And naturally, thanks for your sweat!