ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවක වැටුප් වැඩිවීම පසුගිය ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර කැබිනට් අනුමැතියෙන් සහ ආයතන අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියෙන් ගෙවීම් සිදු කර ඇත.
කැබිනට් පත්‍රිකාවට අනුව එහි සේවක කාර්ය සාධනයට අනුව වේතනාධික, ප්‍රසාද දීමනා අනෙකුත් දීමනා ගෙවීම් කිරීම සඳහා මාර්ග උපදේශකයක්ද ලබාදී තිබූ අතර එම සියලු දීමනා ගෙවීම් කිරීමට පූර්ව අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බව කැබිනට් තීරණය මගින්ද පෙන්වා දී තිබිණි.
කෙසේ වෙතත් සේවක ශ්‍රේණි අතර වැටුප් විෂමතාවයක් ඇතිවන පරිදි වැටුප් වැඩිවීම සිදුවීම හේතුවෙන් විධායක නොවන ශ්‍රේණිවල සේවකයින් ඉමහත් කණගාටුවට සහ කනස්සල්ලෙන් පසුවන බව වාර්ථාවෙි.
නමුත් පසුගිය ඔක්තෝබර් මස වැටුපට විධායක ශ්‍රේණි සඳහා අමතර අතිකාල සේවයේ යෙදෙන සේවක සේවිකාවන්ට ලබා දෙන දීමනාව කිසිදු පූර්ව අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් තොරව මෙවර වැටුපට එකතු කර ලබා දී ඇති බව සදහන්වෙි.
මෙවැනි දීමනාවක් ගෙවීම් කිරීමේදී අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු ය.
නමුත් එවැනි අනුමැතියකින් තොරව වර්තමාන සභාපතිවරයාට හිතවත් ඇයි පවසන මුදල් අංශයේ ඉහළ නිලධාරීන් මෙම දීමනාව ගෙවීම් කිරීමට කටයුතු කර ඇති බව වෘත්තිය සමිති නායකයෙකු පවසා සිටියේය.
එම නිලධාරින් මේ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ 2012 වසරේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණයක කොටසක් බවත් පර්යන්ත සමාගමේ මෙය ගෙවීම් කිරීම සඳහා කිසිදු අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියක සටහනක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
වර්තමාන රජයේ සංස්ථාවේ සහ සමාගමේ සභාපතිත්වය දරන්නේ හිටපු වෘත්තීය සමීති නායකයෙකු ලෙස කටයුතු කළ නිලධාරියෙකි.
කෙසේ වෙතත් අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් තොරව දීමනාවන් ගෙවීම සඳහා කටයුතු කිරීම පාලනයෙන් තොර අනීතික ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය..