මහනුවර නගර සභාව සතු වටිනා ඉඩමක්  රහසිගතව බදු දීමේ  සැලැස්මක්

 ජනාධිපතිවරනයෙන්  මාලිමාව   දිනන්නේ  නැතැයි වහසි බස් දොඩමින් සිට  අනුර කුමාර දිසානායකගේ   මහනුවර ප්‍රචාර රැළියේ   කටවුට් එක ගලවා කුණු ගොඩට වීසී කරන්නට තම ගෝලයන්ට අණ දුන් මහනුවර නාගරික කොමසාරිස් වරිය නගර සභාව සතු මහනුවර  නගරය මැද වැව ඉදිරිපිට ඉඩමක් ඉතා සූක්ෂම ලෙස ,නගර සභාවට කෝටි  විස්සක පොල්ලක්  තැබූ ව්‍යාපාරිකයෙකුට  ලබා දීමට    කටයුතු කරන බව නගර සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ   කේසර සේනානායක නම් හිටපු පුරපතිගේ පිහිටෙන්  මහනුවර නාගරික කොමසාරිස් පුටුවට  පැනගත්  වත්මන් කොමසාරිස්වරිය හිතුවක්කාර ලෙස කටයුතු කරන බව සදමන්වේ. නගර සභාව සතු   ඉතා වටිනා ඉඩම  නගරයේ  මහාපරිමාණ  ව්‍යාපාරිකයෙකුට  බදු දීමට  උත්සාහ කරන බව එම ඉඩම මිට පෙර ව්‍යාපාරික කටයුත්තකට බදු ගත් ෆ්ලෝරා නැමති සමාගමක අධ්‍යක්ෂක වරයෙකු චෝදනා කරයි .

ඔහු නගර සභාවට ලක්ෂ  13 ක බදු මුදලක් ගෙවා මෙම ස්ථානයේ ව්‍යාපාරික කටයුත්තක්  ආරම්භ කිරීමට උත්සාහ දැරුවද එය ව්‍යවර්ථ වී යාමත් සමග නාගරික කොමසාරිස් වරිය  සූක්ෂම ලෙස මෙම  වටිනා ඉඩම නගරයේ  ව්‍යාපාරිකයෙකුට   දීමට දරණ උත්සාහයට එරෙහිව මහනුවර ව්‍යාපාරිකයෙකු  කොමසාරිස් වරිය ඇතුලු නගර සභාවේ නිලධාරින්ට අධිකරණයේ නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.

නගර සභාව සතු ඉඩම සූක්ෂමව  බදු ගැනීමට උත්සාහ දරණ  නගරයේ මහා ව්‍යාපාර ජාලයක් හිමි  පුද්ගලයා නගර සභාවට විශාල මුදලක් බදු මුදලක් ගෙවීමට ඇති අයෙකු බව නගර සභාවේ සේවකයෝ පවසති.

නගර සභාවේ මහජන නියෝජිතයන් නොමැති අවස්ථාවක නගර සභාව සතු මෙම වටිනා ඉඩම  ව්‍යාපාරිකයෙකුට බදු දීමට   උත්සාහ දරණ නගර සභාවේ බලධාරින්ට  අත යට විශාල ගනුදෙනුවක්ද  ලැබෙනු ඇතැයි  නගර සභා සේවකයන් පවසයි.

වත්මන්  ආණ්ඩුව  කිසිදා  පිහිටුවන්නේ නැතැයි   කී නගර සභාවේ ඉහලපුටුවල නිලධාරි මාෆියාව සහ රනිල්ගේ ලේකම්⁣ගේ  නිර්දේශ මත  මධ්‍යම  මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් පුටුවට පත්වූ  අජිත්  ප්‍රේමවංශ නැමැත්තා ඇතුලු මධ්‍යම පලාත් සභාවේ ඉහළ නිලධාරි මාෆියාව    නගර  සභාවේ දූෂණ  විමර්ශණ කටයුතුද  යට ගසන්නට  ⁣ කටයුතු කරතැයි පලාත් සභාවේ සහ නගර සභාවේ  සේවකයන් දෝදනා කරයි .

ජාතික ජන බලවේග ආණ්ඩුව  මධ්‍යම පලාත් සභාවේ සහ   මහනුවර මහනගර සභාවේ දූෂිත නිලධාරි මාෆියාව    ඉතා කඩිනමින් මාරු කල යුතු බව මහනුවර මහ නගර සභාවේ  සේවකයන්ගේ අදහසවී ඇත.

දැනට  මහනුවර  වැව ඉදිරිපිට  පිහිටි නගර සභාව සතු වටිනා ඉඩමේ ගොඩනැගිලි කඩා  එම ස්ථානයේ  මහජන පහසුකම් මධ්‍යස්ථානයක්  කෝටි දහයක ජනතා බදු මුදල් වැය කර හිතුවක්කාර  අන්දමින්  ඉදිකිරීමටද  නාගරික කොමසාරිස් වරිය සහ ඇගේ සහචර නිලධාරි මාෆියාව සූක්ෂම ලෙස  කටයුතු කරන බව  මෙම ඉඩම  කලින් බදුගෙන  සිටි අය පවසයි.

යලිත් රනිල් වික්‍රමසිංහ  මහතාගේ  ආණ්ඩුවක්  එන බවට සිහින දකින මහනුවර මහ නගර සභාවේ දූෂිත නිලධාරි මාෆියාව  මෙවර මැතිවරණයෙන් මාළිමව පසු බසින බවටද වහසි බස් දොඩවමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *