පොලිස්පති පොලිසිය එකමිටට තබා හොදවයින් අමතයි

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා රටපුරා ඇති පොලිස් ස්ථාන හයසියකට ආසන්න ප්‍රමාණයේ සියලු නිලධාරින්ට එකවිට සුම් තාක්ෂණය ඔස්සේ අමතා මෙතෙක් පැවැති දුරුවල ක්‍රමවෙිදයන්  පෙන්වා දෙමින් වහාම එවා නතර කර නව රජයේ සංකල්ප අනුව කටයුතු කරන ලෙසට ඔහු සියලුම නිලධාරින්ගෙන් ඉල්ලා තිබෙි.

එහිදි අප පසුගියදා හෙළිකළ කුරුණෑගල ප්‍රදේශයෙදි තුර්ය්‍යවාදක කණ්ඩායමට අයත් බස් රථයකින් ඩිසල් අලෙවි කිරිමේ සිද්ධියද  සිහිපත් කර ඇති අතර එවැනි ක්‍රියා කරන ලෙසටත් එවැනි අයට එරෙහිව තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කරන ලෙසට නියෝග ඇත.

දැනට සේවය කරන පොලිස් ස්ථානවල බහුතර දෙනා දේශපාලන පත්විමි ලබා ගෙන සිටින ස්ථානාධිපතිවරුන් වුවත් තමන්ට ලිපි ලබා දුන් අයට පක්ෂපාත නොවි කිසිදු දේශපාලන බලයකට නතු නොවි මහජනතාවට සේවය කරන ලෙසට ඉල්ලා  තිබෙි.

එහිදි මාර්ග ආරක්ෂාවට යොදවන රථවාහන නිළදාරින්ට අවදාරණය කර ඇත්තේ ටාකටි අනුව රථවාහන වැරදි නඩු එකතු නොකර මහජනතාවගේ රථවාහන අනතුරු අවමකර ජනතාවට නිදහසේ ගමන් කිරිමට අවස්ථාව ලබා දෙන ලෙසට නියෝග කර ඇත.

ඊට අමතරව දිනකට පස්දෙනා බැගින් අත්ඩංගුවට ගන්නා ලෙසට ඇතැම් ස්ථානාධිපතිවරුන් ලබා දි ඇති උපදෙස් නතර කර සැබැවට වැරදි කරන අයට එරෙහිව සෘජුව නිතිය ක්‍රියාත්මක කරන ලෙසට පවසා තිබෙි. පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය භාවිතා කළ නිළධාරින් 312 දෙනෙකු  පොලිසිය තුලින්ම හසුවී ඇති අතර ව්‍යාජ නඩු ගොනුකිරිම සිද්ධි 1500ක් පමණ වාර්තාවී ඇති බව සදහන් කර ඇත.එවැනි නිළදාරින්ට එරෙහිව ද නිතිය ක්‍රියාත්මක කරන බව විරසුරිය මහතා පවසා තිබෙි.

ඊට අමතරව එක් එක් අංශ පිහිටුවා ඇති විශේෂ එකක අහෝසි කරන බවත් පරිසරය පිරිසිදු කිරිමට පරිසර අමාත්‍යංශය සේම නිවාස ඉදිකිරිමට නිවාස අමාත්‍යංශය ඇති නිසා එම රාජකාරි පොලිසියට අයත් නොවන නිසා පැමිණිල්ලක් ලැබුණු විගස එය විසදිම අනිවාර්ය්‍ය බව සදහන් කර තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *