මාතලේ හයිවේ ටැෆික් පොලිස් ලොක්කා සතුටු කරන්න අල්ලන වාහන

මාතලේ  පොලිස් කොඨාශයට අනුයුක් කර ඇති හයිවේ ටැෆික්  එකකය සිය රාජකාරි කටයුතු පසෙකලා දෛනික ගතමනාව සොයාගැනිමට  එහි ස්ථානාධිපතිවරයා කොඨාශ ප්‍රධානියාගේ ආශිර්වාදය ඇතිව යොමු කර ඇති බව වාර්ථාවෙි.

මාතලේ නගරවයේ ස්ථාන ගතව ඇති එම රථවාහන නිළධාරි එකකට භාරව සිටින ස්ථානාධිපතිවරයා යටතේ යතුරුපැදි පහක් තිබෙි.

එම නිළදාරින් දිවා රාත්‍රි සේවට යොදවා ඇති අතර ඉන් යතුරු පැදි දෙකක් උදේය කාලයටත් ,තවත් දෙකක් සවස් කාලයටත් ඉතිරි එක රාත්‍රි කාලයටත් යොදවයි.

එසේ යොදවන යතුරු පැදියකින් දෛනිකව  රුපියල් හයදහසක් පමණ අතයට ගතමනාවක් එකතු කර ගන්නා බව වාර්ථාවෙි .

එම හය දහයෙන් රුපියල් දහස බැගින් රාජකාරි කටයුතු කරන නිළදාරින් දෙනොට බෙදි යන අතර ඉතිරි හාර දහස ස්ථානාධිපති වරයාට ලබා දිය යුතුය.

එසේ ලබා දෙන මුදලින් තමන් රුපියල් දෙදෙහසක් තමා සතු කර ගෙන ඉතිරි  දෙදහස කොඨඨාශයේ ලොකු තැන සතුටු කිරිමට ලබා දෙයි. ඊට අමතරව මෙම හයිවේ පොලිස් නිළධාරින්ට තවත් වගකිමක් පැවරි ඇති අතර ලොකු තැනගේ දෛනික අත්‍යවශ්‍ය කෑම බිම හෙවත් හාල් , මස් මාලු එලවල් විතරක් නොව බැලැක් ලේබල් බෝතලයද දෛනිකව සැපයිමට භාර කර තිබෙි.

මෙම රථවාහන එකක්ය භාර තරුතුණේ ලොක්කා කිසි දිනක රාජකාර් නොකරන අතර උදෑසන පැමිණ නිළදාරින් යොමුකර  නැවත නිවෙස කරා යන ඔහු යළි සවස 2 ස්ථානයට පැමිණෙන්නේ උදෑසන රාජකාරි යට ගොස් ගතමනාව සොයාගෙන එන නිලධාරින්ගෙන් එය එකතු කර ගැනිමටය.එසේ සිවිල් ඇදුමින් සිටින ලොක්කා දිනකට තුන්පාරක් නිවසට යයි. රථවාහන අනතුරු පාලනය ඔහුකර ඇති මෙහෙය ගිය වසරේ සිදුවු අනතුරු හා මෙි වර්ෂයේ මේදක්වා සිදුවු අනතරු පිරික්සිමෙන් පැහැදිලිවෙි. 2023 වර්ෂයේදී රිය අනතුරු වලින් 21 දෙනෙකු මිය ගිය අතර මේ වර්ෂයේ මේ දක්වා කාලයේදී 36 දෙනෙකු මිය ගොස් ඇත.

කොහොමත් මේ ලොක්කාට කාන්තාවන් අප්‍රසන්න අතර ඒ තමන්ම කපා ගත් මාර්ගය නිසා වෙනි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පින්සිද්ධ වන්න මෙම කොඨාශය ලැබුණු බව පොලිස් පොඩ්ඩෝ නොදන්නවා වෙයි. ඒ හලාවත කොඨඨාශයේ දැක්වු රග නිසාවෙනි. කොහොමත් පොලිසිය සැමට සාධාරනය කරන්න හිටියට පහත් තැනින් ජලය ගලා බසින බව පොලිස් පොඩ්ඩො ්නොදන්නවාම නොවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *