නිවාස සංවර්ධණ අධිකාරිය සතු මහනුවර ඉඩමක් හිටපු  ඇමති  විමල්    සමාගමකට තුට්ටු දෙකට ගෙවල්  හදන්න දිලා

විමල් වීරවංශ  නිවාස ඇමති ලෙස කටයුතු කල සමයේ කුණ්ඩසාල ආසනයේ  ගම්උදා භූමිය සහ මධ්‍යම පලාත් සභා කාර්යාල සංකීර්ණයට  පිටුපස පුද්ගලික සමාගමන් සඳහා සුපිරිනිවාස සංකීර්ණයක් ඉදිකිරීමට   එම පෙදෙසේ වටිනා ඉඩම   විකුණා  පසුව එයට සන්තෝෂමක් ලෙස  රුපියල් කෝටි හයක් පමණ වටිනා සුපිරි නිවසක් එම නිවාස සංකීර්ණයෙන් ලැබී ඇතැයි  ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නිවාස සංකීර්ණය සෑදූ ඉදිකිරීම් සමාගම එම නිවාස රුපියල් කෝටි ගනනට විකුණා ඇත්තේ සුපිරි ධනවතුන්ට හා ව්‍යාපාරිකයන්ට බවද අනාවරණය විය.

මෙම නිවාස සංකීර්ණ පරිශ්‍රයට  පුද්ගලික ආරක්ෂක භටයන්  යොදා දැවැන්ත යකඩ ගේට්ටුද සවිකර තිබේ.

සමාගම් අධ්‍යක්ෂකවරු   ප්‍රබල  ධනවතුන් හා ව්‍යාපාරිකයන්ට මෙම නිවාස  අදාළ ඉදිකිරීම්  සමාගම විසින් විකුණා ඇති බවද දැනගන්නට ලැබිණි.

පලාත් සභාවට ආසන්න  නිවාස සංවර්ධන අධිකාරිය සතු තවත් වටිනා ඉඩමක්  එවකට නිවාස සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ විමල් විසින් ඔහුගේ මස්සිනාට ලබාදී තිබූ බවත්පසුව එම  ඉඩමේ නිවසක් ඉදිකර එය  ඉතා අධික මිළකට විකුණා ඇතිබවද දැනගන්නට ලැබිණි.

නිවසක් තනා ගන්නට බිම් අඟලක් නොමැති විශාල පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයේ සිටියදී එවකට නිවාස සංවර්ධන ඇමති ලෙස සිටි ඔහු අධිකාරිය සතු  වටිනා ඉඩම් තම හිතවතුන්ට  සුළු  මුදලකට  ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණය වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *