ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 13 වෙනුවෙන් එම පක්ෂයේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ආසන සංවිධායකයන්ට සංවිධාන කටයුතු සඳහා ලබා දුන් ලක්ෂ ගනනක මුදල් එම සංවිධායකයන්ට නොදී මහනුවර දිස්ත්‍රික්කයේ පොහොටිටු සංවිධායක යැයි කියන මහාචාර්ය සහ ඔහුගේ පුතා යටිමඩි ගසා ඇති බව පොහොටිටු පක්ෂයේ ඉහළ තනතුරු දරන අයට වාර්තා වී තිබෙි.
පින් පාර්ලිමෙින්තු වරමක් ලබා චිටිඑකෙන් මන්ත්‍රී වුන මොහු පාර්ලිමේන්තුවේ ලඳුන්ට ලිංගික අතවර කල බවටද චෝදනා එල්ල වී තිබෙන අතර කෝප් කමිටුවට ගොස් එම ස්ථානයද ජරා කර ගඳ ගැස්සවීම නිසා කෝප් සභාපති පුටුවෙන්ද බැස්සවු අයෙකු බව මහනුවර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෝ පවසති.
ආසන 13 පොහොට්ටු සංවිධායකයන්ට බෙදා දීමට පක්ෂය ලබාදුන් වියදම් මුදල් ලක්ෂ 36 ක් යටි මඩි ගැසූ බව පෙහොට්ටුවෝ පවසති.
දැනටමත් පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ටත් මේ පැමිණිල්ල ලැබී තිබෙන බව දැනගන්නට තිබේ.
තාත්තයි පුතයි පක්ෂයේ මුදල් සූක්ෂම ලෙස යටිමඩි ගැසීම නිසා පොහොට්ටුවේ සංවිධාන කටයුතු වලින් සංවිධායකවරුන් ඉවත් වන තත්ත්වයක් උද්ගත ව තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ කිසිදු ජන ප්‍රසාදයක් නොමැති මහාචාර්යය පට්ටම පමණක් හිමි රැස්වීමක් සඳහා සීයක් ජනතාව රැස්වීම් පිටියට රැගෙන ඒමට බැරි දිස්ත්‍රික් සංවිධායක සමග වැඩ කිරීමට බැරි බව මහනුවර දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක වරු පක්ෂයේ ඉහල බලධාරින්ට දැනුම් දී තිබේ.