මැතිවරණ කාලයේ දේශපාඥයන් බෙදිමට දක්ෂයෝ වෙයි.මේදිනවල ලොකුම මාතෘකාවක් වී ඇත්තේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බෙදන බෙදිල්ල ගැනය. ඔහුද මහත් උජාරුවෙන් පවසන්නේ තමන් සමග තරගයට බෙදන්න එන ලෙසට අනෙක් දේශපාලඥයන්ට අභියෝග කිරිමයි. මේ බෙදන බෙදිල්ලේ ආකාරයට වර්ථමාන කිසිදු දේශාපලඥයෙකුට සජිත් සමග බෙදිය නොහැකි බව අප කළ සොයා බැලිමේදී හෙළිවිය.
දේශපාලඥයන් බොහෝදුරට බෙදා දෙන්නේ ආනාගත බලාපොරොත්තු ලබාදි ව්‍යාපාරිකයින්ගෙන් ලබා ගන්නා මිල මුදල්ය.එසේ සජිත් ප්‍රේමදාස මහතා බෙදන බෙදිල් සමිබන්ධයෙන් ඔහුගේ පක්ෂයේ සභාපතිව සිටි සරත් ෆොන්සේකා එසේ බෙදිමට මුදල් සොයා ගන්නා ආකරය මනාව පැහැදිලි කරයි.
එහෙත් සජිත් ප්‍රේමදාස මහතාට එසේ ධනවතුන්ගේන් ලබා ගතයුතුම නැත.ඔහුගේ පියා මෙරට පහළම පංතියෙන් පැමිණ දෙවන විධායක ජනාධිපති ලෙස පත්වු රණසිංහ ප්‍රේමදාස මහතාය.ඔහුද ආනාගතට ගැන සිතා සිය දුවා දරුවන් වෙනුවෙන් සිය බලය උපයෝගිකර ගෙන හරි හම්බ කර ගත් අයෙක් බව අද සිටින බොහෝ දෙනෙක් නොදන්නවා ඇත.
පළමු විධායක් ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහවැලිය කඩිනම් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන විට අගමැති ලෙස රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කලේය.එහිදි එම ව්‍යපෘති සදහා විශාල සිමෙන්ති ප්‍රමාණයක් අවශ්‍ය නිසා මෙරටදී සිමෙන්ති කර්මාන්තශාලාවක් ස්ථාපිත කරන ලෙසට ජනාධිපතිවරයා පැවැරුවේ අගමැති රණසිංහටය.
පසුව එම ව්‍යාපෘතිය පැවරුවේ ප්‍රේමදාස මහතාගේ ළගම හිතෙෂියා වනසිරිසේන කුරේ මහතාටය.
එවක ප්‍රවාහන ඇමති එම් එච් මොහොමඩි මහතාගේ කාර්යාලයේ කාර්යාල සහයෙකු ලෙස කටයුතු කළ මොහොමඩි මහරුෆ් සිරිසේන කුරේගේ හොදම මිතුරෙක් විය.ඒ අනුව කුරේ මහතා අලුත් ව්‍යපෘතියට මොහොමඩි මහරුෆ් ද සමිබන්ධකර ගැන්මට අමතක නොකළේය.
ඒ වනවිට මෙරට කන්කසන්තුරේ හා ගාල්ලේ සිමෙන්ති කර්මාන්තශාලා දෙකක් ක්‍රියාත්මක වුවද මහවැලියේ අවශ්‍යතාවට අවශ්‍ය සිමෙන්ති සැපයිමට නොහැකි විය.ඒ අනුව කොළොඹ වාරයේ ඉඩමෙන් කොටසක් අගමැති ප්‍රේමදාස මහතා මැදිහත්වි සිමෙන්ති ආනයනය කර වාරායෙන් අසුරුම් කර මහවැලි මැරීන් සිමෙන්ති නමින් නිකුත් කළේය.
එහිදී එම කොන්ත්‍රාත්තුව අනුව සැම සිමෙන්ති කොටිටයකින්ම අගමැතිවරයාට, සිරිසේන කුරේ හා මොහොමඩි මහරුෆ්ට රුපියල් දහය බැගින් ලැබෙන ආකරයට සකස් කළේය.ඒ අනුව මසකට සිමෙන්ති කොට්ට ලක්ෂ අටක් නිෂ්පාදනය කළේය.එවිට එක් පාර්ශවයකට රුපියල් ලක්ෂ අසුවක් ලැබෙනු ඇත. ඊට හොදම සාක්ෂිය මොහොමඩි පහරුෆ් මහතා 2001 මහමැතිවරණයට ඉදිරිපත් වන විට ඔහුගේ එක් ගිණුමක පමණක් රුපියල් කොටි පහක මුදලක් තිබු බව හෙළිවිය.
කෙසේ හෝ අවසානයේ මෙම මහවැලි මැරීන් සිමෛන්ති ව්‍යාපෘතිය නිසා මුලින්ම කන්කසන්තුරේ සිමෙන්ති කර්මානතශාලාව වැසි ගිය අතර ඊට ටික කාලළයකින් ගාල්ලේ රුහුණු සිමෙන්ති කර්මාන්තශාලාවද වැසි ගියේය.
මිට අමතරව කොළඹ ලිප්ටන්වට රවුම ලෙස හැදින්විමටද හේතුවක් තිබේ.එම වටරවුම එක් පසකින් ඇති භූමියක් ලිප්ටන් තේ කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශය හා ප්‍රධාන කාර්‍යාලය පිහිටා තිබීමයි. 80 දශකයේ අග භාගයේදී ලිප්ටන් ආයතනය ඈවර කර වසාදමා එම භූමිය විකිණීම කරන ලදි. එම ඉඩම මිළදී ගැනීමට යාසින් නැමති ව්‍යාපාරිකයාට ඉදිපත්වන ලෙස රණසිංහ පේමදාස උපදෙස් දී අදාල ඉඩම මිලදි ගැනිමට අවශ්‍ය මුදල් පොහොර උරයක් බහා යසින්ට ලබාදී ඇත්තේ හිතවත් ප්‍රේමදාස මහතා විසිනි.එවකට පේමදාස මහතාගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙස කටයුතු කර ඇත්තේද යාසින්ගේ සහෝදරයකි.එසේ යාසින් ගත් ඉඩමේ අදවන විට විශාල ගොඩනැගිලි ඉදිකර ඇති අතර එවා ප්‍රධානපේලේ ව්‍යාපාර සදහා කුළි පදනම මත ලබා දි ඇති අතර එම මුදලින් කොටසක් අදටත් යාසින් මුදලාලි මහතා විසින් ප්‍රේමදාස පවුලට ලබාදිමට කටයුතු කරයි.
ඉතින් දුක් මහන්සියෙන් හරි ප්‍රේමදාස මහතා හරි හම්බ කළ දේපළ වලින් පුතා වන සජිත් මහතාට බෙදාගෙන යාමට ඇති බාධාව කුමක්ද?