මහනුවර සිංහළ වෙළඳ පෙරමුණේ සහය අනුරට

මහනුවර සිංහළ වෙළඳ පෙරමුණේ ප්‍රබල කොටිපති ව්‍යාපාරිකයන් පිරිසකගේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට  එම පෙරමුණේ  සාමාජිකයන් බහුතරයක්  තීරණය කර තිබේ.

පසුගියදා මහනුවර  ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයකදී ජා.ජ.බලවේගයේ නායක අනුර කුමාර දිසානාක මහතා   හමුවී ඇති මහනුවර සිංහළ වෙළඳ පෙරමුණේ ප්‍රබල කෝටිපති ව්‍යාපාරිකයන් විශේෂ  මුදලක් පක්ෂ අරමුදල සඳහා ප්‍රදානය කර තිබේ.

 සිංහළ වෙළඳ පෙරමුණ  මීට පෙරද ජනාධිපතා අපේක්ෂක වරුන් සඳහා  මුල්‍ය ප්‍රදානයන් සිදුකර ඇති බව එම පෙරමුණේ පැරණි සාමාජික ව්‍යාපාරිකයෙක් පැවසීය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී  ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට තම සහාය  පලකිරීමටද මහනුවර සිංහළ වෙළඳ පෙරමුණේ සාමාජික ව්‍යාපාරිකයන්   පිරිසක්  ඉදිරිපත් වී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *