පොලිස්පතිවරයා හා පරිපාලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නොමැතිව දින කිහිපයක් ගතව තිබෙි.
රටේ නීතීය ගැන අබම්ල් රේණුවක් හෝ නොදන්නා ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව කර ඇති ප්‍රශ්නය එයයි.
වසර 158 ක ඉතිහාසයක් ඇති සිලෝන් පොලිස් සහ ශ්‍රී ලංකා පොලීසියට පොලිස්පතිවරු 36 ක් මේවන විට පාලකයන් විසින් පත්කර ඇත. ඒ 1866 ශ්‍රීමත් ජී.ඩබ්ලිව්.ආර් කැම්බල් මහතාගේ සිට 29.02.2024 පත්කල දේශබන්දු තෙන්නකෝන් දක්වාය.
පොලිස්පති වරයා ගැන පොලිස් ආඥාපනතේ 20 වෙනි ඡේදයේ පැහැදිලිව සටහන් කර ඇත. සිටින පොලිස්පති වරයා සේවය නිමකර ඉවත්වන මොහොතේම ඊලග පොලිස්පති වරයා වැඩ බාරගන්නා ක්‍රමයක් නීතියක් හෝ රීතියක් පොලිස් දෙපාර්තමේන්තුවේ නැත. ඈත ඉතිහාසයේ නොව මෑත ඉතිහාසයේ ඒ ගැන පැහැදිලි උදාහරණ ඇත. ඒ ගැන සාකච්ඡා කිරීමට පෙර පොලීසියේ පැවත්ම වෙනුවෙන් 1982 තෙක් ඉතාමත් හොදින් පවත්වාගෙන ගිය නිළධාරීන් රදවා සිටි ධූරවලිය ගැන විමසා බැලිමෙන් ඒ බව පැහැදිලි වෙි.
පරීක්ෂක ශ්‍රේණියේ එකල ප්‍රධාන පොලිස් පරීක්ෂක නිළයක් තිබුනා නොතිබුනා ගානය. ඒ සහකාර පොලිස් අධිකාරී නිළය ප්‍රධානය කිරීම නුසුදුසු යැයි හැගෙන නිළධාරියෙකු එම නිළයට උසස් කරන්නේ ය. එම නිළය එකල නොනිළ සහකාර පොලිස් අධිකාරි නිළයට සමාන විය. එකල ආධුනික සහකාර පොලිස් අධිකාරී වරුන්ද තම නිළය ස්ථිර වන තෙක් පැලදියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස තරු 3 ක් වීමයි.
අද ආධුනික සපොඅ වරුන් සේවයට බැඳුන දින සිට රාජ්‍ය ලාංචනය පලඳියි. පොලිස් නිළධාරීන් ස්ථාන ගතකර තිබුනේද පිළිවෙලකටය. ජේෂ්ඨ තම පොලිස් පරීක්ෂකවරයා කොටුව පොලීසියේ ස්ථානාධිති ය. ඊළග කෙනා පොලිස් මූලස්ථානයේ ස්ථානාධිති වූ අතර තුන් වැන්නා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිති ය. ජේෂ්ඨතම සහකාර පොලිස් අධිකාරී වරයා කොටුව කොම්පඤ්ඤ වීදිය බාර සහකාර පොලිස් අධිකාරී වරයාය දෙවැන්නා පොලිස් ක්ෂේත්‍ර බලකා මූල්ස්ථානයේ සිටින සහකාර පොලිස් අධිකාරී වරයාය .අන් සියළු සහකාර පොලිස් අධිකාරී වරුන් ඊට පහලිනි.
ජේෂ්ඨ තම ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයා පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂ ය ඊළග ඉන්නා කෙනා ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිළධාරියාය. එකල ලංකාවටම සිටියේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකි.
එයින් ජේෂ්ඨතම කෙනා පොලිස් දෙපාර්තමේන්තුවේ පාලන අංශය බාර කෙනා නොහොත් පොලීසියේ දෙවෙනියාය. අන් තිදෙනා ලංකාවේ පලාත් 9 තුන බැගින් වෙන්කර එය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ක්‍රියාත්මක විය. එකල එසේ සිදුවූයේ පොලිස් පරිපාලන රාජකාරි සිදුකරේ ජේෂ්ඨ පරිපාලන ශ්‍රේණියේ නිළධාරීන් විසින් වීමයි.
දේශපාලනයට මුල් තැන දෙමින් 1982 න් පසුව පොලීසියේ පරිපාලනය පොලිස් නිළධාරීන් විසින් සිදුකිරීමේ අභාග්‍යය අද මුළු රටම අත් විඳිමින් සිටී.
1998.09.01 සිට 2002.08.27 දක්වා පොලිස්පති ලෙස සිටි බී එල් වී ඩී එස් කොඩිතුවක්කු මහතා මිය යන්නේ පොලිස්පති ධූරයේ සිටියදීමය. මිය යාමට පෙර ඔහු අසනීපව සිටිය අතර ඒ වෙනුවෙන් වැඩ ආවරණය කලේ ඊට පසුව පොලිස්පති වූ ආනන්ද රාජා මහතාය. ඔහු පොලිස්පති ලෙස නම් කරන තෙක් පොලිස්පති ධූරයේ වැඩ ආවරණය කලේ වැඩ බලන පොලිස්පති ලෙස නොවේ. 2003.10.14 දින ආනන්ද රාජා මහතා පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර එදින සිට සතියක කාළයක් පොලිස්පති ධූරයේ වැඩ ආවරණය කලේ ඊලග වැඩ බලන පොලිස්පති ලෙස නම් කර 2003.12.19 පොලිස්පති වූ ඉන්ද්‍රා ද සිල්වා මහතාය. 2009.03.11 දින පොලිස්පති ලෙස පත්වූ මහින්ද බාලසූරිය කටුනායක නිදහස් වෙළද කලාපයේ දී පොලිස් වෙඩි තැබීමකින් රොශේන් චානක නම් තරුණයා මිය යාමේ වගකීම බාර ගෙන 2011.06.17 දින පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්විය. ඊලග පොලිස්පති ලෙස පත් කළ ඉලගකෝන් මහතාව පත්කරන්නේ 2011.07.16 දිනය. ඔහු එවකට සිටි ජේෂ්ඨතම ජේෂ්ඨ නිපොප ලෙස හරියටම මාසයක කාළයක් පොලිස්පති ලෙස වැඩ ආවරණය කලේ වැඩ බලන පොලිස්පති කෙනෙකු ලෙස නොවේ. 2016.04.20 දින පොලිස්පති ලෙස පත්වන පූජිත් ජයසුන්දර 2019.04.21 සිදුවූ පාස්කු ප්‍රහාරය හේතු කොටගෙන එවකට පැවැති පොලිස් කොමිසම මගින් අනිවාර්‍ය්ය නිවාඩු යවන්නේය. එතැන් සිට අවුරුදු 60 සපිරී ඔහු විශ්‍රාම ගන්නා තෙක් එනම් 2020.03.14 දින දක්වා නොව 2020.11.27 දක්වා වැඩ බලන පොලිස්පති වරයා ලෙස ඩීසී වික්‍රමරත්න වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කලාය.
ඔහු වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කරන කාළය තුල 2019 ජනාධිපතිවරණය සහ 2020 අගෝස්තු මහමැතිවරණය පැවැත්වූවාය. ඔහු පොලිස්පති ලෙස පත්වීම ලබන්නේ 2020.11.27 ය. වසර එකහාමාරකට වැඩි කාළයක් ඔහු වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කළේය. වයස අවුරුදු 60 සම්පූර්ණ වී 2023.03.26 දින ඔහු විශ්‍රාම ගතයුතු වුවත් මාස 3 බැගින් දෙවතාවක් සහ සති 3 බැගින් දෙවතාවක් සේවා දිගු ලබාදෙමින් 2023.11.23 දක්වා පොලිස්පති ධූරයේ රදවා ගත්තාය. ශ්‍රේෂ්ඨාධිකරනය මහින් තාවකාලිකව සේවය අත් හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද 2023.11.23 සිට 2024.02.29 දක්වා සිටියේ වැඩ බලන පොලිස්පති ලෙසය.
වත්මන් අගමැති දිනේශ් ගුණවර්ධන, පාර්ලිමේන්තුවේ සභානායක සුසිල් ප්‍රේමජයන්ත මේකිසිවක් නොදන්නවා නොව ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ යන් ඉටුකර ගැනීම සදහා පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට මුවාවී බොරු බේගල් කිවෙිය. නීතීඥයකු වූ ජනාධිපතිවරයා ඊට හපන් ය. මේ තිදෙනගෙන් දිනේෂ් ගුණවර්ධන හැර අනික් දෙදෙනාම නීතීඥයන් ය. ඒත් රටේ අභාග්‍යට ඔවුන් දෙදෙනාටම අධිකරණයක් විසින් ලබදෙන තීන්දුවක් හෝ අතුරු නියෝගයක් කියවා තේරුම් ගැනීමේ හැකියාවක් නැති හේතුව ඉන් ඔවුන්ට කොමිස් නොලැබෙන නිසාය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලබාදි ඇත්තේ තාවකාලික තහනම් නියෝගයකි. එම නියෝගයේ පැහැදිලිව ඇත්තේ අදාල නඩුව අසා අවසන් වන තුරු පොලිස්පති ලෙස කටයුතු කිරීම තහනම් බවත් එම කාළය සදහා වැඩබලන පොලිස්පති වරයෙකු පත්කිරීමට ජනාධිපති වරයාට අවස්‍ථාව ඇති බවත් ය. මේ මොහොතේ ජනාධිපතිවරයා ට හෝ ව්‍යවස්ථා දායක සභාවට ස්ථිර පොලිස්පති වරයෙකු පත්කිරීමට නොහැක. එසේ කලහොත් දේශබන්දු තෙන්නකෝන් ගේ මානව හිමිකම් උල්ලංඝනය වන්නේය.පොලිස්පතිවරයා නොමැතිව වැඩ බලන පොලිස්පති වරයෙකු පත් නොකරාය කියා පොලීසිය වසන්නේ ද නැත. එය ජනාධිපති අගමැති සහ සභානායකවරයා දන්නේ නැත. ජනාධිපති වරයා වැඩබලන පොලිස්පති වරයෙකු පත්කරන තෙක් පොලීසියේ සිටින ජේෂ්ඨතම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්පති ධූරයේ වැඩ ආවණය කල යුතුයි. එසේ නොකල හොත් ඔහුට විරුද්ධව රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ චෝදනා පත්‍රයක් ලබා දීමට පොලිස් කොමිසන් සභාවට බලය ඇත්තේය. පාර්ලිමේන්තුව තුලදී කරනු ලබන කිසිදු ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කියන්න කිසිවෙකුට කොන්දක් නැත. එසේ කීවොත් වසර තුනක සිරදඩුම් සහ ප්‍රජා අයිතියද වසර කීපයකට අහෝසි වෙන බව ඔවුන් හොදින්ම දන්නවාය.