හිස් ෆයිල් තියෙනවා කියන රනිල්ගේ ෆයිල් දෙකකුත් තියෙනවා – අනුර ජපානයේදී කියයි

 තමා ළග ඇති දුෂණ වංචා ෆයිල්වලින් වැඩි කොටසක් හිස් බවත් එහි ලිපි ගොනු තමා ළග ඇති බව පැවසන රනිල් වික්‍රමසිංම ජනාධිපතිවරයාගේ ෆයිල් දෙකක් තමන් ළග ඇති බව අනුර කුමාර දිසානායක මහතා ජපානයේ පැවති සිය පාක්ෂිකයින් ගේ රැළියකදී පැවසිය.

එම රැළිය ඇමතූ අනුර කුමාර දිසානායක මහතා මෙිසේද පැවැසිය. ” දුෂණ මර්ධන ලේකම් කාර්යාලය ආරම්භ කරලා යන කොට ඊට පෙර පැවැති ආන්ඩුවේ දුෂණ වංචාවල පැමිණිළිවලට අමතරව එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ පැමිණිළි එන්න පටන් ගත්තා.රවී කරුණාණායකගේ ප්‍රාඩෝ වහන වංචාවක්, පී හැරිසන්ගේ කිරි හරක් සිද්ධීයක් සහ වී අලෙවි මණ්ඩලයේ වංචාවන් වගෙයක්.ඊට අමතරව එල් ආර් සී ඉඩම් ගනුදෙනු දම්බන්ධ පැමිණිළි.එත කොට අගමැති රනිල් වික්‍රමසිංහගේ පැමිණිළි දෙකකුත් ආවා . එසමගම එම දුෂණ මර්ධන කාර්යාලය වසලා දැමිමා එකයි වුණේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *