මහනුවර රැළියට සෙනග ගෙනාවෙි නැති කොත්මලේ එජාප සංවිධායකගේ රංගේ පලු අරියි

මහනුවර පොහොට්ටු එජාප මැතිවරණ  ප්‍රචාරක රැළිය පැවති(14) දින  එම ස්ථානයට  ජනතාව රැගන නොආ,හිස් අතින් එහි පැමිණ එජාප ලොක්කා ඉදිරියේ මූණ පෙන්වීමට ආ කොත්මලේ එජාප සංවිධායක අශෝක හේරත්ට කණ පැලෙන්න දෙහි කැපූ එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර මහතා,තමුසේ හෙණ කපටියෙක් මෙතනට ආවා මූණ දාලා යන්න නේද…කෝ තමුසේ ගෙනාපු සෙනග   පක්ෂ සංවිධායක කම විකුණල සල්ලි එකතු කරන එක නේද කරන්නේ…තමුසෙ අයින්  කරනව  සංවිධායක කමින්  යැයි  ප්‍රසිද්ධියේම බැණ වැදිණි.

හදිසියේ රැස්වීම් භූමයේදී  කොත්මලේ එජාප සංවිධායක අශෝක හේරත්ට දෙහි කැපූ රංගේ බණ්ඩාර  , කොත්මලේ  එජාප සංවිධායක ධූරයෙන්  ඉවත් කරන බවද පැවසීය.

තමුසෙගෙ වැඩ ගැන ආරංචි  වෙලා තියන්නෙ…පක්ෂය විකුණල සල්ලි ගරන්න එපා…යැයිද කියමින් එජාප මහ ලේකම් වරයා අශෝක හේරත්  නැමති කොත්මලේ එජපෙ සංවිධායක වරයාට ලුණ ඇඹුල්  ඇතිව ප්‍රකාශ කළේය.මෙහිදී කිසිත් නොකියා  අශෝක හේරත් මහතා නිහඬව සිටියේය.

කෙසේ වෙතත් පක්ෂයට වැඩක්  නැති අපත සංවිධායක වරු එජාපය තුල තබා ගන්නේ නැතැයි   එජාප මහ ලේකම් වරයා තමන් අසල සිටි අයට ඇසෙන්නට පැවසීය.මහනුර මාර්කට් එක ඉදිරිපිට භුමියේ  එක්ව ජය ගමු නැමති ,පාර්ලි.මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ,අනුරාධ ජයරත්න  ලොහාන් රත්වත්තේ දිලුම්  අමුණුගම  යන පොහොට්ටු දේශපාලනඥයන් එක්ව සංවිධානය කල මෙම රැස්වීමට සාගල රත්නායක  පාලිත රංගේ බණ්ඩාර ඇතුළු  ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු  සහ පොහාට්ටුවේ   දේශපාළනඥයන් රැසක් සහභාගි වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *