රාජ්‍ය ඇමති ප්‍රසන්න ගුවන්තොටේ යකා නටයි

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා පෙරෙදා අලුයම කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවෙිදී එහි ටොලි තල්ලු කරණ පුද්ගලයෙකුට පහරදී ඇති බව වාර්ථාවෙි.
ඇමතිවරයාගේ මව අලුයම එකට පමණ විදේශ ගතවිමට පැමිණි අවස්ථාවෙි දී මෙම පහරදිම සිදුකර ඇති බව වාර්ථාවෙි.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු රැගෙන යාමට එම ටොලි තල්ලු කරන අයෙකුට කථා කර ඇති අතර එහිදී එම ටොලියක ගමන්මලු රැගෙන යාම සදහා අයිතිකරුගෙන් මුදල් ලබා ගන්නා අතර එසදහා මුදල් ඉල්ලිමේදී මෙම පහරදීම සිදු කර ඇත. ඇමතිවරයා හා ඔහුගේ ආරක්ෂකයාද ඒ අවස්ථාවෙි බිමතින් සිට ඇති අතර දෙනොම එකතුවී එම පුද්ගලයාට පහරදී ඇති බව වාර්ථාවෙි.
කෙසේ වෙතත් පහරකැමට ලක්වු එම ටොලි සේවකයා මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිසියට පැමිණි කිරිමට ගියද පැමිණිල භාර ගැණිම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *