නිතී විරෝධි යතුරුපැදි හතරක් රැගෙන ගිය ලොකු රාළහාමිට හෙන ඉල්ලන ව්‍යාපාරිකයා

නිතිවිරෝධි ක්‍රියාවන් මැඩපත්වනවා වෙනුවට සිය බලය පෙන්වා තමන්ගේ හෝටලයට යතුරු පැදි හතරක් රැගෙනගිය ලොකුරහාලහාමි කෙනෙකු පිළිබදව තොරතුරු වාර්තාවෙි.

සිය ගම්පියසේ රාජකාරි කිරිම ස්ථානාධිපතිවරුන්ට තහනම් කර ඇති පොලිස්පතිවරයාට නොපෙනෙන මෙම අකටයුතු කම් කරුනු ලබන ලොක් රාළහාමි පිළිබදව යළිත් අපට වාර්ථා කිරිමට සිදුවිම ගැන කනගාටුවන අතර මේ සිදුවිමෙන් හෝ එම ලොකුරාලහාමි ගැන පොලිස්පතිවරයා හෝ නිතිය හා සාමය අමාත්‍යවරයාගේ අවධානය යොමු වෙිවායි වොයිස් ඔෆ් ශ්‍රිලංකා කියා සිටිනෙමු.

පළාතක ලොකුම නීතිය හා සාමය රකින ලොකුරාලාහාමි තමන්ගේ අනුරාධපුරයේ පිහිටි හෝටලයේ  සේවකයන්ට

48 cc dio වර්ගයේ යතුරුපැදි හතරක් අහිංසකයෙකුට බරක් දී ලබාගෙන ඇති බව වාර්ථාවෙි.

 මිට සති කිහිපයකට ඉහතදී  රේගුව සමග එකතුවී එම බයිසිකල් ව්‍යාපාරිකයන් කළ  වංචාව මෙම ලොකුරාළහාමි මැදිහත්වී යටපත් කර එහි වාසිය තමන්ට හරවා ගැනිමට කටයුතු කර ඇත.

මාස්පොතට ආසන්නයේ  පුලස්ති නමින් පවත්වාගෙන ගිය බයිසිකල් අලෙවි කරන මධ්‍යස්ථානය අයිතිකරුට සිය බලය පෙන්වා එම ව්‍යාපාරය දිගටම කරගෙන යාමට බාධාවක් නොවන අයුරින් ඉඩ සලස්වනවා යැයි කියා ලක්ෂ දොළහක් පමණ වටිනා ජපන් යතුරුපැදි  හතරක් නොමිලයේ ලබාගෙන තිබෙි.

නමුත් ඊට සතියකට පමණ පසු වලාන මෙහෙයුම් බලකාය මගින් සිදු කරන ලද වැටලීමෙන් මෙම පුද්ගලයාගේ බයිසිකල් තිස් හතරක් අත්අඩංගුවට ගෙන වාරියපොළ පොලිසියට බාර දිමට කටයුතු කර තිබෙි.

එම සිදුවිමත් සමග  ව්‍යාපාරිකයාට ලොකු රාලහාමිගේ අම්මා අප්පා මතක්කර දෙස් දෙවොල් දිමට පටන් ගෙන ඇත

තමන්ව ආරක්ෂා කරනවායැයි යැයි කියූ ලොකුරාලා හාමි  පුදුම කරමින් කිසිම තොරතුරක් නොදී වලාන කළ මෙහෙයුමෙන් එම නිතී විරෝධි යතුරුපැදි අත්ඩංගුවට ගෙන තිබෙි .

 නමුත්  වලාන විශේෂ විමර්ශනයේ බුද්ධි තොරතුරු මත එම ඒකකයෙන්  වැටලීමක් සිදු කිරීම ලොකුරාලහාමිට වත් නොකර කිරීමෙන් ඔහුගේ අභිමානයට කැළලක් වෙලාලු. ඔහුට බයිසිකල් ව්‍යාපාරිකයාගෙන් රැගෙන යාමට ආ ස්ථානාධිපතිට ව්‍යාපාරිකයා හොඳටම අමතලාලු. අපිට ආරක්ෂාව දෙනවා කියා ලක්ෂ දොළහක් පමණ මට පාඩු කර බයිසිකල් ඔක්කොම කුදලාගෙන යනතුරු තොරතුරක් නොදීම සමිබන්ධයෙන් ව්‍යාපාරිකයාට කේන්ති ගොස් ඇති බව වාර්ථාවෙි.

මේ ලොකු රාළහාමි ලෝකයට පෙන්නන්නේ තමන් රුපියලක්වත් වෙන අයෙකුගෙන් ලබා නොගන්නා නීතිය අකුරට සිදුකරන නිලධාරියෙක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *