ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කටුනායක ගුවන් තෙල් අංශයේ පරිපාලන ගොඩනැගිල්ලක්,පොම්පගාරයක් ඇතුළු ඉදිකිරීම් කටයුතු නව තාක්ෂණික අංග උපාංග ඇතුළත් කරමින් ගුවන්යානා සඳහා ඉන්දන ලබා දීමේ හැකියාව කඩිනම් කිරීමේ ව්‍යපෘතියක් ලෙස වසර දෙක හමාරකින් ඉදිකර අවසන් කිරිම සදහා 2017 වර්ෂයේ ආරම්භ කළ ව්‍යපෘතිය වසර හයක් ගතව ඇතත් එහි වැඩ අවසන් නොකර ලක්ෂ ගණනින් වැටුප් ගන්නා නිළධාරින් පිරිසක් පිලිබද තොරතුරු වාර්ථාවෙි.
ආදාළ ව්‍යාපෘතිය WEC engineering නැමැති සමාගමක් වෙත වසර හයකට පමණ පෙර ඩොලර් මිලියන පනස් එකක ඇස්තමේන්තු පිරිවැයක් සහිතව තෙල් සංස්ථාව 2017 වසරේදී ඉදිකිරීම් කටයුතු සඳහා ලබාදීමට කටයුතු කර ඇත.
නියමිත යෝග්‍යතා ප්‍රමිතීන්ට අනුව හා තාක්ෂණික ඇගයීම් වලට අනුකූලව මාස තිහක් ඇතුළත එම ව්‍යාපෘතිය අදාළ සංවර්ධන කටයුතු නිමකරමින් කටුනායක ගුවන් තෙල් අංශය වෙත බාර දීමේ ගිවිසුමිි කොන්දේසි මත මෙම කොන්ත්‍රාත්කරුට ලබා දී තිබෙි.
එසේම මේ සඳහා අදියර කීපයකදී ගෙවීම් කටයුතු ද සිදු කර ඇත. මෙම සමාගම සමග ගිවිසුම් ගත වීමේදී ඉදිකිරීම් කටයුතු සඳහා අංග උපාංග භෞතික සම්පත් මිලදී ගැනීමද මෙම WEC කොන්ත්‍රාත් සමාගම විසින්ම සිදුකළ යුතුය.එසේ සියලු පහසුකම් සහ මුදල් අදියර වශයෙන් ලබා දි ඇතත් මේ වන තුරුත් එම ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර නොමැත. මේ සඳහා තෙල් සංස්ථාවේ අධීක්ෂණ නිලධාරීන් ලෙස පත්කර ඇති නිලධාරියාද මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් විෂය පථය පිළිබඳ දැනුමෙන් අඩු නිලධාරියකු බවද තෙල් සංස්ථාවේ වෘත්තිය සමීති නිලධාරීන් පිරිසක් අප වෙස පවසා සිටියේය.
කෙසේ වෙතත් වසර හයකට වඩා වැඩි කාලයක් ගතවී ඇති මෙම ව්‍යාපෘතිය සඳහා තෙල් සංස්ථාවේ නිලධාරීන් කිහිප දෙනෙකු වැටුපෙන් 35% වඩා හෝ ආසන්න මුදලක් අමතර දීමනාවන් ලෙස මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරන බව පවසමින් මේ වන තුරුත් මාසික වැටුපට බැර කර ගනිමින් සිටින බව වාර්ථාවේ.
.මාස තිහක් වැනි කෙටි කාලයක් තුළ හමාර කළ යුතු ව්‍යාපෘතියක් මාස හැටකට වඩා වැඩි කාලයක් කල්ගත වීම තුළ ශ්‍රී ලංකාව තුළ ඩොලරයේ අගය ඉහළ යාම සහ රුපියල අව ප්‍රමාණය වීමේ හේතූන් මත අදාල කොන්ත්‍රාත් සමාගමට විශාල මුදලක් තෙල් සංස්ථාවෙින් ලබාදීමට සිදුවී ඇත.
මෙය ඉතා විශාල මූල්‍ය අක්‍රමිකතාවක් ලෙස මේ ක්ෂේත්රය සම්බන්ධ නිලධාරීන් අප වෙත පවසා සිටියේය.ඒ කෙසේ වුවත් අධූර දර්ශී නිලධාරීන් කීප දෙනෙකුගේ අධීක්ෂණය හේතුවෙන් ඔවුන් වැටුපට අමතර දීමනාවන් ලබා ගනිමින් මෙම ව්‍යාපෘතිය හමාර නොකර කල්ගත කරමින් මන්දගාමී ලෙස කටයුතු කරමින් සිටීනේ අදාල කොන්ත්‍රාත් සමාගමෙන් සහ සංස්ථාවෙන් ලැබෙන දිමනාව හේතුවෙන් ඔවුන්ගේ මූල්‍යමය අවශ්‍යතාවන්ට මෙය සුදු අලියකු සේ යොදා ගනිමිනි.