කුරුළු උද්‍යානයට මුවාවී  හන්තාන රක්ෂිතය වනසන දේශපලනඥයෙකුගේ සොහොයුරා

කුරුළු උද්‍යානයක්    ආරම්භ කර රුපියල් කෝටි ගණනින් මුදල් උපයන  මාතලේ දේශපලනඥයෙකුගේ සොහොයුරා හන්තාන රක්ෂිතය වනසමින් දැවැන්ත පරිසර හානියක් සිදුකරද්දී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සහ නිලධාරිනියන් දේශපාළනඥයාට බියෙන් වකුටු වී සිටින බව හන්තාන පෙ⁣දෙසේ වැසියන් සහ පරිසර වේදීන් පවසති.

මෙම කුරුළු උද්‍යානය පවත්වාගෙන යන පුද්ගලයා මාතලේ  දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ සහෝදරයෙකු නිසා ඔහුට එරෙහිව පරිසර නීතී ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍ය නිලධාරින් බියක් දක්වන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කුරුළු උද්‍යානයට ඇතුල්වීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ගෙන්  අති විශාල මුදලක් අයකරන බවද මෙහි පැමිණෙන ජනතාව පවසති.

මෙම උද්‍යානය පවත්වාගෙන යන ව්‍යාපාරිකයා ඔහුට අයත් නැති හන්තාන රක්ෂිතයේ  ඉඩම් කොටස් බලෙන් අල්ලමින් පරිසර හානි සිදුකරද්දී  මධ්‍යම පරිසර අධිකාරියේ වගකිව යුත්තන්  කිසිදු පියවරක් නොගන්නේ ඔහුුට තිබෙන දේශපාළන හයිය නිසා බව වාර්තාවෙි. මෙම කුරුළු උද්‍යානය විවෘත කරන ලද්දේ සංචාරක ලේබලය  ඔස්සේය.දැන් දැන් මෙම දේශපාළන සොයුරා හන්තාන රක්ෂිතයේ පරිසර කලාපයේ ඉඩම් ද ගිලගනිමින්  සිටින බව අවට පදිංචි කරුවන් පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *