මහනුවර නගරය මැද පිහිටි ජනප්‍රිය බාළිකා විදුහලක වැඩබලන ධූරයක් සඳහා පත්වී ඇති හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක් ඇගේ නිල නිවසට රුපියල් ලක්ෂ 25 ක් වැයකර අති සුපිරි වායූ සමීකරණ යන්ත්‍ර තුනක් සවිකරගෙන ඇති බව එම විදුහලේ ගුරුවරියන් සහ දෙමව්පියන් පවසයි.
මෙම වැඩ බලන විදුහල්පතිනියගේ නිල නිවසට සවිකර ඇති වායූ සමීකරණ යන්ත්‍රවලට වැයවන විදුලිය ගාස්තුව පවා ගෙවනු ලබන්නේ විදුහලේ දැරියන්ගෙන් එකතු කරගනු ලබන මුදල් වලින් බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වැඩ බලන විදුහල්පතිනිය සඳහා පූර්ණ සහාය අධ්‍යාපන බලධාරින්ගෙන් ලැබෙන බවද ඉතා විශ්වාශ කටයුතු ආරංචි මාර්ග සඳහන්ය.මෙම වැඩ බලන විදුහල්පතිනියගෙ නිල නිවස අලුත් වැඩියා කිරීම සඳහා පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය කර තිබේ.ලක්ෂ තුනහාමාරක මුදලක් වැයකර නිල නිවසේ ජනෙල් දොරවල් සඳහා අලුතෙන්ම තිරරෙදි යොදා ඇත.
සාමාන්‍ය වැඩ බලන විදුහල්පතිනියකට මේ තරම් සැප ලබන්නට ජනතා මුදල් වැයකිරීම ඉතාම අසාධාරණ බව ගුරුවරු රැසක් පැවසූහ.
විදුහලේ පංති කාමර වල විදුල් පංකා රැසක් අකර්මණ්‍ය වී ඇතත් ඒවා අළුත්වැඩියා නොකර වැඩ බලන විදුහල්පතිනිය ඇගෙ නිල නිවසට සුපිරි වායූසමීකරණ යන්ත්‍ර සවිකරගෙන සුපිරි සැපක් ගැනීම ගැන කතා කිරීමට පලාත් අධ්‍යාපන බලධාරින්ද නිහඬව සිටිති.