මහනුවරම ගද ගස්වන මහනගර සභාවෙි උද්ච්ච ලොක්කා

මහනුවර මහ නගර සභාවේ ඉහළම පුටුවක් හොබවන දඩිබිඩි කළබලකාරයෙක් නිසා නගර සභාවට බදු ගෙවන නාගරික ජනතාවට මේ අරුම පුදුම කළබලකාරී පුද්ගලයාව  මහජන අවශ්‍යතාවයකට   හමුවෙන්න බැහැලු.

ආවේ  ඇස් ඇරි⁣යෙ නැති බලල් පැටියෙක්වත් ගේන බැරි පලාතකින්ලු.ආපු දවසේ සිට මහ පුටුවේ වාඩිවූ දා සිට සුන්දර මහනුවර පුරවරයට   වැඩක් වෙන්නෙ නැහැලු.මොණර කොල වලට කෑදරයෙක්ලු.නිදා ගන්නෙත් ටයි එක බෙල්ලෙ දාගෙනලු.කයිවාරු විතරලු වැඩ බෑලූ.නගර සභාවේ කාර්ය මණ්ඩලය  සුළු සේවකයොත් අවුල්ලු.හොඳම ඩිග්රිය එයාටලු . නගරය පුරා කුණු ගඳලු.ටයි එක බෙල්ලෙ එල්ලගෙන කයිවාරු   ගැහැව්වට වැඩ බෑලූ  හිටපු  ලොක්ක කරපු වැඩවලින් කාලක්වත් කරන්නෙ නෑලූ.කාටවත් කතා කරන්න දෙන්නේ නෑලූ. එයා තමයි ලොක්කා කියල හැම තැනම එක දාගන්නවලු.

 නගර සභාවේ ඉහළම පුටුවෙ හිටියට නගරෙට දැනෙන්න කරපු වැඩක් නෑලූ.නගරයම කෑව   කියල හිටපු මහජන නියෝජිතයො  රටේ  ලොකුම පාලකයා පසුගියදා  නුවර මැදුරට ආපූ වෙලේ ගතු කීවලූ.මෙයාව කොහේ හරි එයාට ගැලපෙන තැනකට යවන්න කීවලු.නුවර ගඳ ගහද්දී මේ ලොක්කා ඒසී දාපු   රියේ නැගිල පිමිමේ යනවලු.මෙහෙම ලොක්කෙක්  නුවර නගරෙට තමන් දන්නකාලෙක ආවේ නැහැ කියල නුවර තාත්තගේ පුතානෝ කීවලු.

නගරයට බදු ගෙවන නාගරික වැසියෙකුට තමන්ගෙ ගැටළුවක් කියන්න මේ හාදයගේ නිල කාමරේට  යන්න බෑලූ කයිවාරුව නම්  හරි ඉහලින්ලු.ලඟදී අත යට ගනුදෙනුවකට නුවර වැවේ  බෝට්ටු කොන්ත්‍රාත්තුව  කෝටිපතියකුට රහසේම දෙන්න ගිහින් අලිජරමරයක්   කරගත්තලු.මුලු නගරයම කුණු ගඳ ගහද්දී මේ ලොක්ක  අවුරුදු කන්න ගිහින්ලු කලින් මේ පුටුවෙ හිටපු ලොක්ක  සේරම ගානට බැලන්ස් කරල නගරෙත් පාලනය කරල අඩුපාඩුත් හදල දුන්නලු.

ලස්සණ කෙල්ලො ඉන්න පලාතකින් නුවරට පැනපු මහනුවර  නගර සභාවේ පරිපාලනය  තමන් අතේ කියල පම්පෝරි ගහන   ගොයියට  තනියම පයින් නගරෙ ඇවිදින්න බෑලූ.ඒ තරමට මිනිහගෙ වැඩ බාලයිලු.මෙයා හිටියොත්  චන්දෙත් පරදියි කියල නුවර නගර සභාවේ පුරපතිවරු, හිටපු මන්ත්‍රිවරු මේ දවස්වල ලොකු තැන් වලට දැනුම් දීලලු.නගරේ හදන්න ආවේ කියල ලොකු පුටුවට ඇවිත් කයිවාරූ ගැහැව්වට  නහය ඇරගෙන මහනුවර  නගරයේ  ඇවිදින්න බැහැ කියල නගරෙට එන ජනතාව  පවසති.

නගරය ලස්සණට තියාගන්න මිනිස්සුන්ගෙ සල්ලිවලින්  පඩි අරගෙන මිනිස්සුන්ට වැඩ කරන්න  කයිවාරු නැති ලොක්කෙක් නුවර මහ නගර සභාවට එවන්න කියල  නුවර වැසියො ළගදි මහනුවරට ආව රටේ රාළට ඉල්ලීමක් කරලලු.මාධ්‍ය පේන්න බෑලූ  එයාව විවෙිචනය  කරන මාධ්‍ය කාරයෝ   ගනන් ගන්නෙ නෑලූ.කයිවාරු ගහන මේ වගේ ලොක්කෝ නුවරට වැඩක් නහැ කියල මහා නායක හාමුදුරුවරුත් කියනවලු..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *