කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ සංගමයේ හොරුන් රකින සුබ සාධක කොඨඨාශයේ වසර 25 සිට අරක්ගෙන සිටින SPගේ  හොර හොයන්න පොලිස්පතිට බැරිද

දීර්ඝ කාලයක් තිස්සේ   හොර ගුහාවක් බවට පත්ව තිබෙන කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ දූෂණ වංචා සම්බන්දයෙන් මෙන්ම ඒවා යට ගසමින් සිටින ඉහල නිලධාරීන් ගැනද වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා මෙන් හැත්තෑපන්දහසක්  පමණ වන කනිෂ්ඨ පොලිස් නිලධාරීහු පොලිස්පතිවරයාගෙන් සහ විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.

ඔවුන් කියා සිටින්නේ තම වැටුපෙන් කපාගන්නා සාමාජික මුදලෙන් තර කෙරෙන සංගමයේ අරමුදල නිලධාරීන් විසින් කිසිඳු හිරිකිතයකින් තොරව ගසා කමින් සිටින බවය.2018 වසරේ සිට සංගමයේ නිලධාරීන් විසින් සිදු කර තිබෙන දූෂණ,වංචා සම්බන්දයෙන් ලිඛිත පැමිණිලි සාක්ෂි සමඟ පොලිස් සුබ සාධක කොට්ටාශයට යොමු කර ඇතත් ඒ කිසිඳු පැමිණිල්ලක් සම්බන්දයෙන් වගකිව යුත්තෙකුට එරෙහිව කිසිඳු පියවරක් ගෙන නොමැත.

දූෂිත නිලධාරීන් සම්බන්දයෙන් විනය පියවර නොගැනීම නිසා කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමය යනු හොරා කන්නට ඇති කෙම්බිමක් බවට කනිෂ්ඨ පොලිස් නිලධාරීන් අතර මතයක් ඇතිව තිබේ.මේ නිසා හැම වසරකම එහි නිලධාරි මණ්ඩලයට පත්වීමට පොලිස් හොරුන් අතර දැඩි තරගයක්ද ඇතිව තිබේ.

2023/24 වර්ෂය සඳහා වන නිලධාරී මණ්ඩලය විසින් සිදු කර තිබෙන රුපියල් කෝටි ගණනක වංචා සම්බන්දයෙන් ද පොලිස් සුබ සාධක කොට්ටාශය වෙත ලිඛිත පැමිණිලි ඉදිරපත් කොට තිබෙන අතර වංචා සම්බන්දයෙන් මාධ්‍ය මගින්ද කරුණු හෙළිදරවු වී තිබේ.එහෙත් මෙම පැමිණිලිවලට අත්ව තිබෙන්නේද මීට පෙර පැමිණිලිවලට අත්වූ ඉරණමමය.කනිෂ්ඨ පොලිස් නිලධාරීන් පවසන්නේ සංගමයේ නිලධාරීන්ගේ දූෂණ වංචා යට ගසන්නේ සුබ සාධක කොඨඨාශයේ සිටින ලොකු පොලිස් හොරෙකු විසින් බවය.ඔවුන් පවසන ආකාරයට මෙම ලොකු පොලිස් හොරා පොලිස් අධිකාරීවරයෙකි.කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ දූෂණ වංචා සම්බන්ද සියලුම පැමිණිලි විභාග කිරීම සඳහා යොමු කෙරෙන්නේ ඔහුටය.එහෙත් මේ දක්වා කිසිඳු පැමිණිල්ලක් සම්බන්දයෙන් පියවර නොගැනීමෙන් පෙනී යන්නේ මෙම පොලිස් අධිකාරීවරයා ද හොරුන්ගේ කෙනෙකු වී තිබෙන බවය.

එසේනම් කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ගසා කන සංගමයේ මුදලෙන් ඔහුටද කොටසක් ලැබෙනු ඇති බවට කනිෂ්ඨ පොලිස් නිලධාරීන් සැක පල කරති.මෙම පොලිස් අධිකාරීවරයා උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සුබ සාධක කොට්ටාශයට එක්ව පොලිස් අධිකාරී දක්වා උසස්වීම් ලබමින් එම කොට්ටාශයේම වසර 25 ක පමණ දීර්ඝ කාලයක් සේවය කරන්නෙකි.ඔහුට එතරම් දීර්ඝ කාලයක් එකම ස්ථානයක රාජකාරි කරන්නට වාසනාව උදා වී තිබෙන්නේ කාගේ හෝ ඉහල නිලධාරියෙකුගේ අනුග්‍රහයෙන් විය හැකි බවද පොලිස් පොඩ්ඩෝ සැක පල කරති.එම නිසා ඒ සම්බන්දයෙන්ද වෙනම සොයා බැලිය යුතු බව ඔවුහු පොලිස්පතිවරයාගෙන්ද ,පොලිස් ඇමතිවරයාගෙන්ද ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *