වයඹට අරක් ගත් විදුලි ඩිපෝ අධිකාරිවරුන්ගේ සෝලා බිස්නස් එක

කුරුණෑගල පිහිටි වයඹ විදුලිබල නියෝජ්‍ය  සමාන්‍යධිකාරි කාර්යාලයට අයත් ඩිපෝ තුනක ඩිපෝ අධිකාරීවරුන් තුන්දෙනෙකු විසින් තම රාජකාරී වෙලාව තුළ  සෝලා  ව්‍යාපාර සිදු කරමින සිටින බ ව වාර්ථාවෙි.

මෙම  තත්වය නිසා අනෙකුත් සෝලා සමාගම්වල  ව්‍යාපෘති කටයුතු වලට සිය කටයුතුසිදු කිරිමට ඉඩ නොදි  කුඩම්මාගේ සැලකිලි කිරීම තුළින් එම සමාගම්වලට ව්‍යාපාර කටයුතු නියැලීමේ අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුව තිබෙි.

මෙම තත්වය මත අනෙකුත් සමාගම් ඉදිරිපත් කරන අයදුම්පත්‍රවලට අවස්තාව ලබා නොදි එම

 ලිපි ලේඛන අස්ථානගත කර යම් යම් සුළු අඩුපාඩු පෙන්වා දී එම සමාගම්වල කටයුතු අඩපණ කිරීමද මෙම ඩිපෝ අධිකාරිවරුන් තිදෙනා  සිදුකරන බව වාර්ථාවෙි.

වයඹ හිටපු නියෝජ්‍ය සමාන්‍යධිකාරිවරයෙකුගේ  රැකවරණය මත මොවුන් මෙම ස්ථානවල දිර්ඝ කාලයක් සේවය  කරන බවත් මොවුන්ට ලැබුණු ඇති ස්ථාන මාරු පවා අවලංගු කර ගැනීම මොවුන් දිගටම එහි රැදි සිටමින් මෙම ව්‍යපාර සිදු කරගෙන යයි.

මෙම ඩිපෝවල මොවුන්ගේ කාලය ඉකුත්ව ඇතත් එම ස්ථානවල රැඳී සිටීමට මෙම ප්‍රබලයාගේ උදව්ව ලැබී ඇත්තේ ඔහුගේ කුරුණෑගල සෝලා ව්‍යාපෘති සහ  නිවාස සංකීර්ණවල අඩුපාඩු මොවුන් විසින් ක්ෂණිකව සිදුකිරීම නිසයි.

සාමාන්‍ය ජනයාට සෝලා සවිකිරීම එපා වී ඇත්තේ මෙම ඩිපෝ කිහිපයක පවතින දූෂණ හා අක්‍රමිතා නිසා බව කුරුණෑගල සුර්ය්‍යබල ඉල්ලුම්කරුවන් පවසා සිටියි.

මෙම නිළධාරින්ට  විරුද්ධව කතා කරන සමාගම් වලට නිතරම සෝලා පද්ධතිවල සැපයුම් ලබාදීමේදී බාධා කිරීම් සිදුවන බවත් මෙම ඩිපෝ අධිකාරිවරුන්ට අයත් වෙනත් නම්වලින් ලියාපදිංචි කර ඇති සමාගම් සවිකරන  සුර්ය්‍ය පැනල පද්ධතිය දින දෙකක් ඇතුළත සියලුම සම්බන්ධතා ලබාදීමද විශේෂ සිද්ධියකි.එහෙත් අනෙකුත් සුර්ය්‍ය පැනල  සම්බන්ධතා ලබා දිමට සති ගණනාවක් ගන්නා බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *