පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමයේ දුවා දරුවන්ට ලෝක ළමා දිනයේදී ලබා දෙන පොත් කට්ටලය මාස හතක් ගතව ඇතත් මේවනතෙක් ලබා දිමට කටයුතු කර නොමැති බව වාර්ථාවෙි.
එහෙත් ඒ සදහා අවශ්‍ය පොත් ලබා ගැනිමට රුපියල් ලක්ෂ විසි එකක චෙක්පතක් මාස්ටර් ගයිඩ් ආයතනයට එම සංගමයේ ලේකම්වරයා හා භාණ්ඩාගාරිකවරයා හිතුමනාපයට ලබාදී ඇත්තේ කොඨ්ඨාශ ලේකම්වරුන් 26 දෙනාවත් දැනුවත් නොකර බව සදහන් වෙි.
මෙිසේ පොත් ලබා ගැනිමට අවශ්‍ය අනුමැතිය සදහා පොලසිපතිවරයාට යොමු කර ඇතත් මේවන තෙක් ඊට අනුමැතිය ලබා දී නොමැති තත්වයක ලේකම්වරයා හා භාන්ඩාගාරිකවරයා සෙසු නිළධාරින්ට හා සාමාජිකයින්ට පවසා ඇත්තේ ඒ සදහා පොලිස්පතිවරයා අනුමැතිය ලබා දී ඇති බවයි.
ශිෂ්‍යත්වය සදහා තවත් මාස හතරක කාලයක් ඇති හෙයින් පොත් වෙනුවට ළමයින්ට අවශ්‍ය දෙයක් ලබා ගැනිම සදහා වවිචරයක් ලබා දෙන ලෙස කණිෂ්ඨ පොලිස් නිළදාරින් ඉල්ලා සිටියි.
වාර්ථාන අන්දමට මෙම නිළදාරින් දෙදෙනා ආදාළ රුපියල් ලක්ෂ 21ක චෙක්පත අදාළ ආයතනයට ලබා දී එම පොත්වලින් කොටසක් රැගෙන විත් ඇත්තේ එම නිඝධාරින්ට එම සමාගමෙන් ලැබෙන් කොමිස් මුදල අවුරුද්දට පෙර ලබා ගැනිම සදහා වන බවත් මෙම කටයුත්තට සභාපතිවරයා ඇතුලු විධායක සභාවද අනියමින් සහය ලබා දෙන බව සෙසු සමාජිකයින් චෝදනා කරයි.
2024-04-12