පොදු කටයුත්තක් කියා නිවස ඉදිකරන්න  මඩුවලින් ලී  එකතු කරන මැදරට තරුතුණේ ලොක්කා

කඳුරට පැත්තේ ලොව පිිලිගත්  ක්‍රිඩා පිටියක් ඉදිරිපිට දම්සක් කාර්යාලයේ තරු තුනක දිසාවට ලොක්කෙකු  ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන්  වටිනා ලෑලි තොගයක්  ලබාගන්නට තමන් යටතේ සිටි පොලිස් පොඩ්ඩන් යවා එම ලෑලි තොගය ගෙන්වා ගෙන ඇත්තේ මහනුවර උසස් පොලිස් නිලධාරියෙකු සිදු කරන පොදු සමාජ කටයුත්තකට කියලලු.

මේවා ලබා ගන්න ගිය පොලිස් පොඩ්ඩන් අකමැත්තෙන්  මේ කාර්යයට  ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හමුවන්න ගියාලු.මෙි ලෑලි තොගයට රුපියල්  70000 ක් වුණාලු.නමුත් තමන්ගේ   වැඩක් නෙමේ කියල තරු තුනේ ලොක්කා තමන් යටතේ ඉන්න පොලිස් පොඩ්ඩන්ට  කීවත්, පස්සෙ  විපරම් කරද්දී   මේ ලෑලී හිඟා කෑම  කරල තියෙන්නේ  තරුතුනේ ලොක්කා  නුවරට   කිට්ටුව මල්වත්තක්  ආසන්නව හදාගෙන යන තමන්ගේ අලුත් ගෙදරට  බව  දැනගන්නට ලැබී තිබේ.තමන්ගේ වැඩේ  කරගත්ත මේ තරු තුනේ ලොක්කා ඉන්නෙ නමි, තමන්ට වඩා  ලොක්කෙක්  නැති විදියටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *