මැද රට අධ්‍යාපන බල ප්‍රදේශයේ පාසැල් සඳහා ක්‍රිඩා පුහුණුකරුවන් ලෙස බඳවාගත් අය විසින් ව්‍යාජ ක්‍රිඩා පුහුණු ඇකඩමි පවත්වාගෙන යමින් පාසැල් දරුවන්ගෙන් රුපියල් 1500 – 2000 දක්වා අනීතික ලෙස මුදල් එක් රැස් කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවට දෙමව්පියන් සහ ක්‍රිඩා ගුරුවරු චෝදනා කරති.
මෙම ක්‍රිඩා පුහුණු කරුවන්ගේ ජාවාරම් පිළිබඳව සොයා නොබලන මධ්‍යම පලාත් අධ්‍යාපන බලධාරියෙක් එම ජාවාරමුන් හා එක්වී ක්‍රිඩා ජැකට් හා ක්‍රිඩා ඇඳුම් ජාවාරමක්ද ආරම්භ කර ඇති බව ගුරු සංගම් චෝදනා කරති.පොහාට්ටුවේ දේශපාලකයෙකුගේ නිර්දේශ මත මැදරට අධ්‍යාපනයේ මහ පුටුවට පත්වූ මෙම නිලධාරියාගේ එකම කාර්යය හෝටල් හිමියෙකු හා එක්ව තායිලන්තයේ පතායා නගරයට යාම බව පවසන ගුරු සංගම් නියෝජිතයෝ අධ්‍යාපනයේ අඩු පාඩූ සපුරන කාර්යයට වඩා පාසැල් වලට ළමුන් දැමීමේ කාර්යයට මුල්තැන දී ඇත් බව සඳහන් කරයි.
කීුඩා ගුරුවරුන්ගේ ව්‍යාජ ක්‍රිඩා ඇකඩමිය ගැන සොයා බලා පියවරක් ගන්නට මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයාට පවා කොන්දක් නැතැයි ගුරු සංගම් චෝදනා කරයි.
මේ අතර ක්රිඩාපුහුණු කරුවන් 600 ක් පමණ මධ්‍යම පලාතේ පාසැල් වලට පත් කර ඇති අතර මොවුන් කිසිදු කාර්යයක් නොකර නීතී විරෝධී ක්‍රිඩා ඇකඩමි ස්ථාපිත කර ගනිමින් පාසැල් දරුවන්ගේ මුදල් ගසා කද්දී,එයට අනුබල දෙන අධ්‍යාපන ලොක්කන්ටද සන්තෝෂම් අත යටින් ලැබෙන බව ඉතා විශ්වාෂ කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම අනීතික ක්‍රිඩා පුහුණු ඇකඩමි පාසැල් තුල ස්ථාපිත කර ක්‍රිඩා පුහුණු කරුවන්ට පාසැල් දරුවන්ගේ මුදල් ගසා කෑමේ ජාවාරමට ඇතැම් විදුහල්පති වරුද පූර්ණ අනුග්‍රහය දක්වන බව දෙමව්පියන් පවසති
මේ ආකාරයට මැද රට ව්‍යාජ ක්‍රිඩා ඇකඩමි හරහා ක්‍රිඩා පුහුණුකරුවන් පසැල් ළමුන් ගසාකද්දී බලධාරින්නිහඞව බලා සිටියි.