ලොකු රලහාම්ගේ හෝටලය බලන්න  ගිය ව්‍යාපාරිකයාට පොලිසියෙන් දඩ

නිල බලය උපයෝගී කර ගෙන අනුරාධපුර පුජා නගරය ආසන්නයේ ඉදිකල විස්තුප ස්ටා හෝටලය විවෘර්ත කිරීමට  පෙර එහි අඩුපහඩු සොයා බැලිමට ගිය ලොකු රාළහාමි ගමන් කළ වාහනය අඹන්පොල බලල්ල ප්‍රදේශයේදී රථවාහන පොලිසිය විසින් මාර්ග නීති කඩකිරිම නිසා  නවත්වා දඩ කොල නිකුත් කර ඇති බව වාර්ථාවෙි.

සිය වාහනයේ යනවා වෙනුවට හෝටලය විවෘර්ත කිරීමට පෙර  කුරුණෑගල හෝටල් හිමි ප්‍රධාන පෙළේ ව්‍යපාරිකයෙකුගේ  වී 8 වාහනයක නැගී අනුරාධපුරයට ගමන් කර තිබේ.

පසුව ආපසු වාහනය පැමිනෙන විටදී රථවාහන පොලිසිය නතර කිරිමෙන් පසුව ව්‍යාපාරිකයා ලොකු රාළහාමිගෙන් ආසා ඇත්තේ වාහනයේ ලොකු රාළහාමි ඉන්නා බව රථවාහන නිළධාරින්ට පවසන්න ද කියාය.

එහිදී ලොකු රාළහාමි පවසා ඇත්තේ තමන් වාහනයේ  සිටින  බවක් රථවාහන පොලිසියේ නිලධාරින්ට නොකියන ලෙසයි.

අවසානයේ ව්‍යාපාරිකයා රථවාහන නිති කඩ කිරීමේ වරදට දඩ කොලයක් ලබා ගෙන එය තැපැල් කාර්යාලට ගෙවා දමා සිය රියදුරු බල පත්‍රය ලබා ගැනිමට කටයුතු කර ඇත.

අවසානයේ ව්‍යාපාරිකයා සිය හිතවතුන් හට පවසා ඇත්තේ ලොකු රාළහාමිගේ හෝටලය බලන්නට  ගොස් තමන්ට  ගොස් දඩත් කන්න වු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *