ශ්‍රී ලංකාව තුල තමන්ට එරෙහිව පවතින මහජන මතය වෙනස් කර ගැනීම සඳහා කොටි හිතවාදී අල්ලි රාජා සුබාෂ්කරන් ගත් උත්සාහයක් ව්‍යවර්ථ වී ඇතැයි වාර්තාවේ.ඔහුගේ උත්සාහය වී ඇත්තේ භික්ෂූන් වහන්සේලාට කිසියම් සන්තෝෂමක් ලබා දී ඒ හරහා ඔහු පිලිබද රටේ පවතින මතය වෙනස් කරවා ගැනීමය.
ඒ සඳහා සුබාෂ්කරන්ගේ ලයිකා ප්‍රඩක්ෂන් ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති ජානකී විජේරත්න නමැති හිටපු නිලිය පසුගිය සතියේ අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් බැහැදැකීමට ගොස් තිබේ.මුලින්ම අස්ගිරි මහනායක හිමි හමුවීමට ගිය අල්ලි රාජාගේ නියෝජිතවරිය පවසා ඇත්තේ තම සමාගම භික්ෂූන් වහන්සේලාට රුපියල් ලක්ෂ 10 වටිනා රක්ෂණ ඔප්පුවක් පරිත්‍යාග කිරීමට අදහස් කර තිබෙන බවය.ඒ සඳහා නායක හිමියන්ගේ අනුමැතිය සහ ආශීර්වාදය ලබාදෙන ලෙස ඇය ඉල්ලා තිබේ.එහෙත් අස්ගිරි හිමියන් පවසා ඇත්තේ ඒ සඳහා සංඝ සම්මේලනයේ අනුමැතිය ලබාගත යුතු අතර ,තමන්ට තනිව තීරණයක් ගත නොහැකි බවය.
පසුව ජානකී විජේරත්න නමැත්තිය මල්වතු මහනායක හිමියන් හමුවීමට ද එම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.එහෙත් ඒ වන විටත් අස්ගිරිය මහනායක හිමියන් මේ පිළිබඳ දැනුම් දී තිබීම නිසා එක එල්ලේම කාරණය ප්‍රතික්ෂේප කර තිබේ.කොටි හිතවාදී අල්ලි රාජාගේ නියෝජිතවරියට අස්ගිරි මල්වතු නායක හිමිවරුන් හමුවීමේ අවස්ථාව සම්බන්ධීකරණ කර ඇත්තේ දියවඩන නිළමේ ට ද ඉහලින් කැපී පෙනීමේ රෝගයකින් පෙළෙන,ඩීල් සඳහා කුප්‍රකට දළදා මාළිගායේ නිලධාරියෙකු බවද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාව තුල මාධ්‍ය ඒකාධිකාරයක් සඳහා උත්සාහයක නිරත අල්ලි රාජා ටෙලිකොම් සමාගම මිලදී ගැනීමට ගත් උත්සාහය ද පසු ගිය දිනවල ව්‍යවර්ථ විය.මේ නිසා රක්ෂණ සංස්ථාව ඔහුගේ ඊළඟ ඉල්ක්කය වී තිබෙන බව දැනගන්නට ඇත.