පාකිස්තානයේ ,ඉස්ලාමාබාද් හි දී ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත තුන් වැනි දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය සඳහා ක්රීඩකයන් පස් දෙනෙකු සහභාගී කරවීමට නියමිතය.ඒ ජේෂ්ඨ ක්රීඩකයන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 20 පහල තරගය සඳහා ක්රීඩකයන් තිදෙනෙකු වශයෙනි.පසුගිය වසරේ තරග වැඩි ප්රමාණයක් ජයග්රහණය කර සිටින ආර්.එම්.එස්.පුෂ්පකුමාර දැනටමත් ජේෂ්ඨ තරග අංශය සඳහා තෝරාගෙන තිබේ.ඉතිරි ක්රීඩකයන් තෝරා ගැනීමේ තරග මේ මස 20 දා දියගමදී පැවැත්වීමට නියමිත බව ශ්රී ලංකා මළල ක්රීඩා සංගමය සඳහන් කරයි.ජේෂ්ඨ තෝරාගැනීමේ තරගය කිලෝමීටර් 10කින් සමන්විත වන අතර අවුරුදු 20 පහල තරගයේ දුර කිලෝමීටර් අටකි.
මෙවර දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේ සංවිධායකයන් වන පාකිස්තානය මෙම තරගාවලියෙන් කාන්තා තරග ඉසව් ඉවත් කර තිබීම නිසා තෝරා ගැනීමේ තරග පැවැත්වෙන්නේ ද පිරිමි ඉසව් සඳහා පමණක් බව ශ්රී ලංකා මළල ක්රීඩා සංගමය සඳහන් කරයි
2024-01-08