මහනුවර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායන ළමා රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය යළිත් අබලන් වී පැත්තකට දමා තිබේ.මෙම ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය වරින් වර අලුත්වැඩියා කිරීම හරහා රෝහලේ ඇතැම් බලධාරින්ට අතයට ගනුදෙනු ලැබෙන බව රෝහලේ ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා මේ සම්බන්ධව කිසිදු අවස්ථාවක මාධ්‍ය වෙත තොරතුරු ලබා නොදී මග හරින අතර ,රෝහලේ දුරකතන අංශයේ සේවකයෙක් පැවසුවේ පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍ය අධිකාරී සරත් වීර බණ්ඩාර යන අයගේ දුරකතන අංකය මාධ්‍ය ආයතව වලට ලබා නොදෙන ලෙසටද ඔහු නියෝග දී තිබෙන බව රෝහල් කාර්ය මණ්ඩලය පවසති.
මෙම රෝහලේ දුර්වල පරිපාලනය නිසා එහි සේවාව ලබා ගැනීමට රෝහලට පැමිණෙන රෝගී දරුවන්ද අපහසුතාවයට පත්වන බව දෙමව්පියන් පවසයි.
මෙම රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය අබලන් වී මාස කීපයක් ගතවී ඇතත් ,එය අලුත් වැඩියා කිරීම ප්‍රමාද කරන්නේ එම යන්ත්‍රය අලුත් වැඩියා කිරීම් හරහා තම සාක්කුවට ගනුදෙනුවක් දමා ගැනීමට කැස කවන රෝහලේ ඇතැම් බලධාරින් විසින් බවද දැනගන්නට ලැබිණි.
පසුගිය ආණ්ඩු සමයේ ෂාෆි වෛද්‍ය වරයාගේ වඳ සැත්කම් බොරුව සමාජ ගත කිරීමට මූලික වූ මෙම වෛද්‍යවරයා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ පරිපාලන අධ්‍යක්ෂක ලෙස පසුව පත්ව පැමිණියේය.
මෙම ළමා රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සඳහා මධ්‍යම පලාතේ පමණක් නොව මහනුවරින් පිට පලාත් වලින්පවා රෝගී දරුවන් රැගෙන පැමිණෙයි.
රෝගී දරුවෙකුට හදිසියේ සීටී ස්කෑන් යන්ත්‍ර පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා විශාල මුදලක් පුද්ගලික රෝහල් වලට ගෙවීමටද දෙමව්පියන්ට සිදුව බව මව්පියන් පවසයි.