කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල බටකැත්තර සර් ජොන් කොතලාවල ප්‍රාථමික පාසලේ ක්‍රීඩා පිටිය පාසලේ බාධාරීන්ට හොරෙන් බාහිර පුද්ගලයෙකු විසින් මුදල් ලබාගනිමින් විවිධ ක්‍රීඩා උත්සව සදහා ලබාදීමේ සිදුවීමක් වාර්තා වෙයි. රුපියල් 10,000 දක්වා විවිධ මිල ගණන් යටතේ එම මුදල් ලබාගෙන ඇත්තේ රිසිට් පත් නිකුත් කිරීමකින් බවත් සදහන් වෙි.
මෙම පුද්ගලයා සමගි ජන බලවේගයෙන් පලාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්වීම සදහා බටකැත්තර ප්‍රදේශයේ එළිපිට වැඩකරන පුද්ගලයා වීම කැපී පෙනෙයි. ඔහු යටින් උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහට බවත් වාර්ථාවෙි.
මෙම පුද්ගලයා දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති අතර ප්‍රදේශයේ නමගිය තරුණ සමාජයක ඉහළ නිලධාරියෙකු වන අතර ක්‍රීඩා පිටිය තමන් යටතේ පවතින බව ඒත්තු ගන්වමින් මෙම ජාවාරමේ නිරතව සිට ඇත. ඒ සදහා හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ ලබාදුන් ලිපියක්ද මොහු සතුව ඇති බව තරුණයන් පවසයි. ඔහු මෙලෙස ලබා ගත් මුදල් සිය පෞද්ගලික සුඛ විහරණය සදහා භාවිතකර ඇත්තේ කිසිදු ගැටළුවකින් තොරවය.
එසේම නිවාඩු දිනවල එම ක්රීඩාංගායේ ක්‍රීඩා කරන තරුණයින්ගෙන් ක්‍රීඩා පිටියේ තනකොළ කැපීමටයැයි කියමින් කලක සිට මුදල් එකතු කිරීමද මෙම පුද්ගලයා සිදුකර ඇත.
මෙම අකටයුතුකම් පිලිබදව විදුහල්පතිවරිය විසින් පිලියන්දල පොලිසීය හා අධාල බලධාරීන්ට දැනුම් දුන්නද තමන්ට දේශපාලන හයියක් ඇතිබව හුවාදක්වමින් එම විදුහල්පතිනියට මෙම පුද්ගලයා තර්ජනය කර ඇති බවද වාර්තා වෙයි.
මිට අමතරව ප්‍රදේශයේ ගොවි සංවිධානය, සිවිල් ආරක්ශක කමිටුව හා තවත් විවිධ ප්‍රාදේශීය සංවිධාන හරහා මෙම පුද්ගලයා විසින් විශාල අක්‍රමිකතා හා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම් ගණනාවක් පසුගිය සමයේ සිදුකර ඇති අතර එම වංචා පිලිබදවද වගකිවයුතු ආයතන මෙන්ම නව රජයද මුනිවත රැකීම විමතියට කරුණක් බව ප්‍රදේශවාසීහු පවසති.