දෛනිකව ලක්ෂ 300 ක් බස්වලින් කප්පම් දෙන්න වෙලා කිලීන් ශ්‍රිලංකා යටතේ නැවැත්විමට කටයුතු කරන

දුර සේවා හා කෙටි ගමන් බස් රථවලින් දෛනිකව රුපියල් ලක්ෂ 300ක මුදලක් අතර මැදි කප්පම් කරුවන්ට ලබා දිමට සිදුවිම නිසා සිය කර්මාන්තයට දැඩි බලපැමක් එල්ලවී ඇති බව බස් හිමිකරුවන් සදහන් කරයි.

පසුගිය ආණ්ඩුවල හෙන්චයියන් විසින් බස් නැවතුම් පොළවල් වල හා මංසන්ධිවල සිට මෙම කප්පම් ලබා ගැනිම ආරම්භ කළ අතර අද වනවිට එය පුරුද්දක් ලෙස පවත්වා ගෙන යයි.මෙවැනි සෑම ස්ථානයකටම මාර්ගස්ථ මගී ප්‍රවාහන අදිකාරියේ නිලදාරින යොදවා ඔවුන්ගේ ධාවන පත්‍ර සලකුණු කරන අතර එසේ සිටියදී මෙම කප්පම් කරුවන් පාලනය කිරිමට පොලිසිය කටයුතු නොකරන බවට චෝදනා එල්ල වී ඇත.

කිලීන් ශ්‍රිලංකා වැඩ සටහන යටතේ හෝ මෙම කප්පම් කරුවන් නැවැත්විමට කටයුතු කරන ලෙසට බස් හිමියන් ඉල්ලා සිටියි. යාපනය සිට කොලඹට හා මහනුවරට පැමිණෙ බස් රථයක ආදායමෙන් ගමනාන්තයට ගන්නා ආසන හයක පමණ මුදල් මග සිටින මෙම කප්පම් කරුවන් අතමිටමෙලවිමට කොන්දොස්තරවරුව්ට හා රියදුරන්ට සිදුව තිබෙි. එසේ නොදෙන බස්රථවලට මහමගදී නොයෙකුත් තර්ජන ගර්ජන හා ප්‍රහාරවලට ලක්වීමට සිදුවන බව ඔවුන් සදහන් කරයි.

මේසේ වැඩිපුරම කප්පම් කරුව් සිටින්නේ අනුරාධපුරය, දඹුල්ල ,මහනුවර, කුරුණැගල , කොලඹ, මිගමුව,හලාවත, පුත්තලම, කැගල්ල, රත්නපුර ,ගාල් හා මාතර ආදි ප්‍රදේශවල බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *