ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ අනුග්‍රහයෙන් රුපියල් හැත්තැපන්දහසකට ගුවන් ගමන් බලපත්‍ර දවසකින් සකස් කර දිමේ ජාවාරමක් පිළිබදව තොරතුරු වාර්ථාවෙි.
පැරණි ආණ්ඩුවේ සිටි නිළදාරින් නව ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු සහය ලබා ගෙන මෙම ජාවාරම මේ දිනවල දිගටම කර ගෙන යන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළදාරින් පවසයි.
මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික කාර්ය්‍ය මණ්ඩලයේ ලේකම්වරයෙකු හා එම කාර්යාලයේ කාර්ය්‍ය සහයෙකු එක්ව මෙම ජාවාරම සිදු කරන අතර ඒ සදහා දෙපාර්තමේන්තුවේ ඉහළ නිළදාරියෙකුගේ සහය නොවඩුව ලැබෙන බව සදහන්වෙි.
මෙම ජාවාරමට සමිබන්ධ සියලු නිළධාරින්ගේ නමි ගම් සහිතව අපවෙත ලැබි ඇති අතර මෙම ජාවාරම නතර නොකර දිගින් දිගටම කර ගෙන යන්නේ නම් ඊට ආදාළ නියෝජ්‍ය ඇමතිවරයාගේ සිට සියලු තරාතිරම්වල නිලධාරින්ගේ තොරතුර හෙළි කරන බවත් එසේ මුදල් ලබා දි ගුවන් ගමන් බලපත්‍ර සකස් කළ අයගේ තොරතුරු හෙළි කිරිමටද කටයුතු කරන බව අවධාරණය කරන්නේමු.