මඩකලපුව නගර සභා සීමාවට අයත් තිරයිමඩු ප්‍රදේශයේ වාණිජ වටිනාකමින් යුතු අක්කර දහයකට වඩා වැඩි භූමියක් හිටපු ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් අත්පත් කර ගෙන ඇති බවට තොරතුරු වාර්ථාවෙි.
මඩකළපුව ප්‍රාදේශය ලේකම් වන්නිය සිංගම් වාසුදේවන් මහතාගේ පුර්න ආශිර්වාදය මත එම ඉඩම් අතුපත් කර ගඅනිමට අවශ්‍ය කටයුතු සකස් කර දි ඇති බව සදහන්වේ.
පිල්ලේයාන් අතුපත් කර ගෙන ඇති එම ඉඩම්වටා විශාල තාප්ප ඉදිකර කොටු කරගෙන ඇත.ඔහු දැරු රාජ්‍ය අමාත්‍යංශය මගින් එම ඉඩමවටා ගමන් කළ හැකි ආකාරයට මාර්ග ඉදිකර ඇත්තේ ගම්මානයේ මාර්ග සංවර්ධනය කරන මුවාවෙනි.