කටුනායක ගුවන්තොටුපළේ මුදානොගත් ප්‍රදේශය රජයේ පාලනයට ගන්න

කටුනායක ගුවන්තොටුපළේ මුදා නොගත් ප්‍රදේශයක් බවට පත්කර ගෙන සිටින රේගු අංශය හා එහි නිලදාරින් පුනරුත්තාපනය නොකොළ හොත් මාලිමා ආණ්ඩුව බලාපොරොත්තු වන යහපත් රජ්‍ය සේවයක් ඇති කිරිට නොහැකිවන තත්වයක් උදාවන බව ගුවන්තොටුපළ සේවකයින් පවසයි.

ගුවන්තොටුපළේ අනෙකුත් සියලුම තරාතිරම්වල නිලධාරින්ට ඇති නිතිය මෙම නිළදාරින්ට වලංගු නොමැති අතර අඩු තරමේ එම ප්‍රදේශයට කිසිවෙකුට ඇතුල් විමටවත් අවස්ථාව ලබා නොදෙයි.

ගුවන්තොටුපළ පරිශයට ඇතුලුවිමට සියලුම දෙනාට අවසර පත්‍රයක් නිකුත් කර ඇති අතර රේගු නිළදාරින් එය ලබා ගෙන නොමැත.එය 2010 අංක 14 දරණ ගුවන් සේවා  පනත ද උල්ලංඝණය විමක් වුවත් මේ සදම්බන්ධයෙන් කිසිවෙකු ක්‍රියාත්මක නොවිම ගැටලු සහගතය. නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිතිය සැමට එකසේ කගියාත්මක වුවත් නව පාලන අධිකාරියද පරණ පාරේ යමින් සිටිම කනගාටුවට කරුණකි.

ඇතුම් වැඩ තහනම්වු රේගු නිලදාරින්ද පසුගිය දිනවල ඔවුන්ගේ හැදුණුම්පත් භාවිතා කර පරිශ්‍රයට ඇතුලු වී ඇති අතර මෙම සියලු රේගු නිලදාරින්ගේ ගමන්මලු හෝ පරික්ෂා කිරිමට ඉඩ ලබා නොදෙන බව සදහන්වේ.

මිට අමතරව රේගු භාණ්ඩ පරික්ෂාකරන බේල්ට් එකක් මතදී යම්කිසි රසායනිකයක් අඩංගු බැගයකින් දුමක් වහනයවු අවස්ථාවක අඩුම තරමේ එවා පරික්ෂාකරන රසායනික පරික්ෂණ අංශය හෙවත් සී බී ආර් අංශයේ නිලධාරින්ටවත් එහි පැිණිටවත් ඉඩ ලබා දී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *