අධ්‍යාපන ඇමතිනි ලෙස අගමැතිනි ආචාර්ය හරීනී අමරසූරිය ලංකාවේ සියලු පාසැල් වල විදුහල්පති හා විදුහල්පතිනියන්ට චක්‍රලේඛ මගින් දන්වා ඇත්තේ පාසැල් වලට ලමුන් ඇතුලත් කිරීමේදී සහ වෙනත් කිසිම කටයුත්තකදී ළමයින්ගෙන් ,සහ මව්පියන්ගෙන් කිසිදු අවස්ථාවක මුදල් එකතු නොකරන ලෙස වුවත් මේ දිනවල මහනුවර ප්‍රධාන පෙලේ පිරිමි සහ බාලිකා පාසැල්වල ඇතැම් විදුහල්පතිවරු සහ විදුහල්පතිනියන් තෝරාගත් දෙමව්පියන් පිරිසක් යොදවා ගෙන රුපියල් 25000/= 35000/= වැනි මුදලක් එකතු කිරීම ආරම්භ කර තිබේ.
මෙලෙස මුදල් එකතු කරනුයේ ඒ ඒ පාසැල් වල පලමු වසරට පහ වසරට සහ වෙනත් පංති වලට ලමුන් ඇතුලත් කර ගැනීමේදී බව දෙමව්පියන් පවසයි.
ඉතා සූක්ෂම ලෙස තොරාගත් මව්පියන් පිරිසක් ගෙන් මෙම මුදල් එකතු කිරීමේ ජාවාරම ආරම්භ කර ඇති ඇතැම් විදුහල්පතිනියන් ආදී ශිෂ්‍ය සංඟමය ද මේ කටයුත්තට යොදා ගෙන ඇත.
තමන් මේ ගැන කිසිවක් නොදන්වා බව හඟවමින් මෙම මුදල් එකතු කිරීමේ ජාවාරම ක්රීයාත්මක කරන ඇතැම් විදුහල්පති.විදුහල්පතිනියන් තම සමීප සගයන්ද මේ සෙඳහා යොදවා ගෙන තිබෙන බව දැනගන්නට ලැබිණි.
මහනුවර ප්‍රධාන පෙලේ ජනප්‍රිය විදුහලක විදුහල්පති ලක්ෂ 5 සිට ලක්ෂ 7 දක්වා මුදල් ලබා ගනිමින් තම විදුහලට ලමුන් ඇතුලත් කරගන්නේ සියලු දෙමව්පියන් හා ගුරු මණ්ඩලය දැණුවත්ව බවද ,ඔහු කිසිවෙකුට බයනැති අයෙකු බවද ,එම විදුහලේ ආදී සිසුහු පවසති.
මහනුවර ප්‍රධාන පෙලේ බාළිකා විදුහල් කීපයක විදුහල්පතිනියන් කීප දෙනෙකු තම තැරැව්කරුවන් යොදා ගෙන පාසැලට ළමුන් ඇතුලත් කරගනිද්දී ලක්ෂ 5 දක්වා මුදලක් ලබා ගන්නා බව මුලු මහනුවරම දන්නා ප්‍රසිද්ධ කරුණකි.
මහනුවරින් පිට ප්රදේශවලද ඇතැම් විදුහල්පති වරු විදුහල්පතිනියන් තෝරාගත් දෙමව්පියන් පිරිසක් යොදා ගෙන විශේෂ වැඩ සටහන් බව පවසමින් ලමුන්ගෙන් රුපියල් 5000/= බැගින් ළමුන් 200 කගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර ඇති බව දෙමව්පියන් පවසයි.
මෙම මුදල් එකතු කිරීමේ ජාවාරම වලක්වාලීමට කිසිදු අධ්‍යාපන බලධාරියෙකුට අමාත්‍යවරයෙකුට නොහැකි වී ඇත්තේ මෙය මහනුවර දිස්ත්‍රික්කයේ මාෆියාවක් බවට පත්ව ඇති නිසා බව බොහෝ දෙනා පවසති.
මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇතැම් ඉහලම පරිපාලන නිලධාරින්ද මෙම ජාවාරමට සම්බන්ධ වී සිටින බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනටමත් මෙම සිද්ධීන් පිළිබඳව ආණ්ඩුවේ ඉහල බලධාරින්ට දෙමවිපියන් විසින් දන්වා යවා තිබේ.