2009 වසරේ ජනවාරි 8 වෙනි දා උදෑසන 10.25ට සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා සාහසික ලෙස ඝාතනය කර වසර දාසයක් ගතව ඇතත් ඊට සමිබන්ධ වුවන්ට මෙතෙක් නීතිය රැගෙනට හසු කර ගැනිමට නොහැකි මොහොතක වොයිස් ඔෆ් ලංකා වෙත ඉතා වැදගත් තොරතුරු කිහිපයක් ලැබි තිබෙි.
සුපුරුදු පරිදි සේවා ස්ථානයට යමින් සිටි ලසන්ත විකුමතුංග ආයුද සන්නද්ධ මැරයින් විසින් අත්තිඩිය පාරේදී මරාදැමුනු අතර ඒ සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ කිහිප දෙනනෙකු අත්ඩංගුවට ගත්තද එම පරික්ෂණ ත්‍රස්ත විමර්ශණ අංශයේ එවකට සිටි ස්ථානාධිපති ප්‍රසන්න අල්විස් විසින් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උවමනාව මත සාක්ෂි වෙනස් කර ඇති බව එම තොරතුරු ලබා දුන් පුද්ගලයා හෙළි කලේය.
කන්දෙ ගෙදර ප්‍රියවංශ යුදහමුදා බුද්ධි අංශයේ කොහුවල කදවුරට අනුයුක්තව සේවය කර තිබෙි.ඔහු නුවරඑළිය පදිංච් පුද්ගලයෙක් වන අතර ලසන්ත යන එන තැන් සම්බන්ධයෙන් තොරතුරු රැසිකිරිමට පැවරි ඇත්තේ ඔහු ඇතුලු පිරිසකටය.ඊට අවශ්‍ය යටිතල පහසුකම් වු දුරකථන සිමිපත් ලබා ගැනිමට අවශ්‍ය විය. ඒ සදහා තොරා ගෙන ඇත්තේ සිය ගම් ප්‍රදේශයේ පදිංචි ටින්කරින් වැඩ කරමින් සිටි පචිච් ජේසුදාසන් නැමැත්තයි.ඔහුව දිනක් අවන්හළකට ගෙන ගොස් මත්පැන් අරන්දී වෙරිවු පස් ඔහුගේ හැදුනුම්පත් ගෙන එහි පිටපතක් ලබා ගෙන පසුව ප්‍රියවංශ එම හැදුණුම්පත උපයෝගි කර ගෙන සිමිකාඩ්පත් හතක් ලබා ගෙන ලසන්ත එනයන තැන් අවෙික්ෂණය කර තිබෙි.ඒ බව දුරකථන දත්ත වාර්ථාවලින්ද සනාථ වි ඇත.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වු පසු සිදුකළ විමර්ශනයේදී ජේසුදාශන් හා ප්‍රියවංශ යන දෙදෙනාම ත්රස්තවිමර්ශන අංශය මගින් අත්ඩංගුවට පත්ව ඇත.එහිදී ප්‍රසන්න අල්විස් ප්රියවංශට බල කර ඇත්තේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් මෙම ඝාතනය සිදු කළ බවට සාක්ෂි ලබා දුන හොත් ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ හරහා විදේශ ගතවිමට අවස්ථාව ලබා දෙන බවයි.
සැකකරුවන් දෙදෙනාම ත්‍රස්ත විමර්ශන අංශයේ එකම සිරමැදිරියක රදවා තිබි ඇති අතර රැදවුවන් එළියට ගත් පසු ජේසුදාසන් සෙසු රැවුවන්ගේන අසා ඇත්තේ ලසන්ත වික්රමතුංගගේ රැකියාව මොකද්ද, ඔහු කවුරුන්ද යන්නයි.
කෙසේ හෝ ආවසානයේ ජේසුදාශන් රක්ෂිත බන්ධනාගාර ගත වු පසුව හදිසියේ ඔහු බන්ධනාගාරය තුළ අභිරහස් ලෙස මිය යන්නේ ලසන්තගේ ඝාතනයේ සැකකුවන්ට ආරක්ෂාවිමට තවත් ඉඩ කඩ හසුරවමිණි.
අවසානයේ ජේසුදාශන් රක්ෂිත බන්ධනාගාරයේදී අභිරහස් ලෙස මියගිය පසු ප්‍රියවංශ හදිසි හස්තයකින් නිදහස් වී මෙිවනවිට විශ්‍රාම සුවයෙන් සිටින බව වාර්තාවෙි.