රථවාහන පොලිසිය අනන හපුගොඩ හැර ට්‍රැෆික් ගැන දන්න අය ශ්‍රිලංකා පොලිසියේ වෙන කවුරුත් නැද්ද

පොලිසියේ දිර්ඝ කාලයක් එකම එකකයක රාජකාරි කිරිමට අවස්ථාව නොලැබෙන අතර විශේෂයෙන් ඉහළ නිළදාරින්ට ස්ථාන මාරුවිම් ලැබුණත් පොලිස් පරික්ෂක තනතුරේ සිට නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා තවදුරටත් එකම එකකයේ රාජකාරි කරන්නේ කාගේ බලයෙන්ද යන්න සෙසු නිළදාරින් ප්‍රශ්ණ කරයි.

රථවාහන අංශයේ සේවය කරන නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පොලිස් පරික්ෂක තනතුරේ සිට ඉහළට උසස්විම් මෙම රථවාහන අංශයේ සිට ලබා ගත් අතර කිසිම අවස්ථාවක ඉන් වෙනත් අංශයකට මාරුවිමක් ලබා දිමට කටයුතු කර නොමැත.මේසේ එකදිගට සේවය කරන මෙම නියෝජය්‍ය පොලිස්පතිවරයාට මේවනතෙක් කොළඹ නගරයේ රථවාහන තදබදයට විසදුමක් ලබා දිමට නොහැකිවී ඇති අතර ඔහු සිදු කරන්නේ නව තාක්ෂණය තිබියදී කලර් ලයිට් විසන්දි කර පොලිස් නිලදාරින් යොදවා අතවනමින් ගල් යුගයට යාමයි.
ක්ලින් ශ්‍රි ලංකා වැඩ සටහන පොලිසීය තුළ අනා ඇත්තේ මොහු බවට තොරතුරු වාර්ථාවෙි. කිසිදු සැලැස්මක් නොමැතිව එක්වරම වළං කඩේට පැන්න ගොන්නු මෙන් වාහන ක්ලීන් කිරිමට කටයුතු කර ඇත්තේ මෙම නිළධාරියාගේ උපදෙස් මත බව වාර්ථාවෙි.පොලිසිය වාහන පරික්ෂාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිළධාරින්ගේ සහයවත් ලබා නොගෙන කටයුතු කිරිම නිසා ජනාධිපතිවරයාගේ මෙම උදාර ක්ලීන් ශ්‍රිලංකා වැඩ සටහන රටේ අප්‍රසාදයට පත්වන තැනට පත් කර ඇත්තේ මෙම නීලධාරියාගේ උපදෙස් ක්‍රියාත්මක කිරිම නිසා බව සදහන්වේ. බස් සංගම්,ත්‍රිරෝද රථ සංගම් ආදි ප්‍රවාහන සංගම්වලි කිසිදු අදහසක් හෝ සාකච්ජා නොකර වැඩසටහන ක්‍රියාත්මක කළ පසුදින සිට නින්දෙන් ඇහැරුණ අයමෙන් රථවාහන පොලිසිය යොදවා වාහන පරික්ෂාව ආරම්භ කළේ එම වැඩ සටහන ජනතා අප්‍රසාදයට ලක් කිරිමෙි කුමන්ත්‍රණයකට බව පොලිස් නිලදාරින්ම පවසයි.
ඔහු එක් අවස්ථාවකදී පොතුහැර ප්‍රදේශයේ නිදන් හැරිමට ගොස් රක්ෂිත බන්ධනාගාර ගතව සිට යළිත් සේවයට එක්වී මෙම අංශයේම සේවය කිරිමට තරම් ඔහු වාසනාවන්ත වී ඇත්තේ ඔහුට එතෙක් කලත් පැවැති දේශපාලන බලය නිසාවෙිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *