ජේෂ්ඨත්වය අනුව තමන්ට වැඩ බලන පොලිස්පතිධුරය ලබා නොදිම සමිබන්ධයෙන් කළ කිරිමට පත්ව සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක හා පොලිස්පති ධුරයේ වැඩබැලිමට පත් කළ ප්‍රියන්ත විරසුරිය අතර පවතින සීතල මත ගැටුම දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බවට තොරතුරු වාර්තාවෙි.
මේ වන විට එම ගැටුම දෙපාර්තමේන්තුවෙි සෙසු නිළදාරින් හටද දැනෙන තත්වයට පත්ව ඇති බව වාර්ථාවෙි.එහිදී ප්‍රියන්ත විරසුරිය මහතා ගන්නා ඇතැම් ක්‍රියාමර්ග පතිනායක මහතා ක්‍රියාත්මක නොකරන බවට වු චෝදනා එල්ලවී ඇති අතර එහිදී පතිනායක මහතා සදහන් කර ඇත්තේ විරසුරිය මහතා කිසිවෙකුගෙන් නොවිමසා හිතුවක් කාරි තිරණ ගන්නා බවයි.
එහිදී පතිනායක මහතාගේ අදහස් වී ඇත්තේ තමන් වැඩබලන පොලිස්පති ධුරයට පත් නොකිරිමට ප්‍රියන්ත විරසුරියට වඩා තමන්ට නැති සුදුසුකම කුමක්ද යන්නයි. එම තනතුරට පත්විමට ප්‍රියන්ත විරසුරිය මහතාට වඩා සුදුදුකම් ඇති බව පතිනායක මහතාගේ අදහස වී ඇත.
කෙසේ වෙතත් මෙම ප්‍රශ්ණය පොලිස් කොම්සම හා නිතිය හා සාමය අමාත්‍යංශය දක්වා දුර දිග යන මට්ටමට පත්ව ඇති බව වාර්තාවෙි.