ගල්ගමුව පොලිස් ස්ථානාධිපති නිවසට බඩු රැගෙන ගිය රථය අනතුරකට ලක් කර වසන් කිරිමේ උත්සහයක

ගල්ගමුව පොලිස් ස්ථානයට අයත් ජිප් රථය එහි ස්ථානාධිපතිවරයා විසින් පදවා ගෙන පෞද්ගලික ගමනක් යන අතරතුර යකඩ පටවා ගත් ලොරියක වැදීමෙන් පසුව වෙනත් රියදුරකු ගෙන්වා ඔහු අතින් සිදුවූ ලෙසට සිද්ධිය වෙනස්කර ඇති බවට ප්‍රදේශවාසීන් පවසයි.
පාදෙනිය අනුරාධපුර මාර්ගයේ අගුණකොළ හංදියේදී ඊයේ උදැසන හයට පමණ CBM 2097 දරණ එම ජිප්රථය ස්ථානාධිපතිවරයා අතින් අනතුරට ලක්ව ඇත. එය මිගලෑව පොලිස් බල ප්‍රදේශයට අයත් ප්‍රදේශයක් වේ.


පසුව අනතුරරෙන් පසුව මීගලෑව පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත් කර අදාළ ගල්ගමුව පොලිසියේ ජිප් රථයේ රියදුරා ලෙස කටයුතු කරන අය මිගලෑව ප්‍රදේශයේ පදිංච් අතර එම නිවසට මීගලෑව ස්ථානාධිපතිවරයා යවා රියදුරු ස්ථානාධිපතිගේ රථයෙන් එහි ගෙන්වා සිද්ධිය වසන් කිරීමේ තිර නාටකය සකස් කළ බව ප්‍රදේශවාසීන් පවසයි.
පසුව ජිප් රථය තාප්පයක ගැටුණු බව පෙන්විමට වෙනත් ස්ථානයකට ගෙනවිත් ඇති අතර රථයේ වම් ඉදිරි දොර ප්‍රදේශයට තාප්පයක ගැටිමෙන් අනතුර කෙසේ සිදුවුයේද යන්න ගැටලුවකි.
ලක්ෂ අසූවක් පමණ වටිනා රාජ්‍ය දේපළක් වන මෙම රථයේන් මෙම ස්ථානාධිපතිවරයාගේ තම නිවස පිහිටි පොළොන්නරුවට දින කිහිපයකට වරක් ප්‍රදේශයෙන් එකතු කරගන්නා බඩු භාණ්ඩ පොළොන්නරුව දක්වා යන බස් රථයකට නිතරම ලබා බවත් මොහු මෙම අනතුර සිදුව ඇත්තේද එසේ නිවසට භාණ්ඩ යැවිමට යන අවස්තාවෙි දී බව වාර්ථාවෙි.
මෙම සිද්ධිය නිතරම සිදුවන දෙයක් බව පොලිසියේ නිලධාරීන් පවසන අතර මෙම භාණ්ඩ රැස් කරනු ලබන්නේ තම පොලිස් වස මට අයත් ව්‍යාපාරිකයන්ගෙන් හා කසිප්පු ජාවාරම්කරුවන්ගෙන් වීම විශේෂයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *